Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

කොරෝන කියන්නේ වයිරස් එකක්. ඒක RNA වලින් හැදිලා තියෙන්නේ. RNA වලින් හැදුන රෝග ලෝකෙන් තුරන් වෙන්න කාලයක් යනවා. හේතුව එයා හැඩය නිතර වෙනස් කරගන්නවා. චූටි හැඩයේ වෙනසක්. එය එම රෝගයේ වෙනත් ප්‍රභේදයක් වෙන්න පුළුවන්. CORONA

ඇල්ෆා - ඩෙල්ටා ලෙස. මේ විදිහට DNA ඔය ආකාරයෙන් නෙවෙයි. එයා RNA

තරම් ඉක්මනින් හැඩය වෙනස් කර ගන්නේ නැහැ. වයිරස් භාගයක් අජීවී. භාගයක් ජීවි.

මාර සතෙක්. ඇත්තම කියනවා නම් ඔයාලා අපි වගේ තමයි. ඊයෙ හොඳට හිනා වෙලා කතා කළ කෙනා නෙවෙයි අද උදේ වෙනස් වෙලා.

හරි ඒක වෙනම කතාවක්. අපි හිතමු ගෙදර කෙනෙකුට CORONA ආසාදිත වුනා කියලා. එයාට වැක්සින් එක ගහන්න ඕනද ? ඔව් ගහන්න ඕනේ. එයාට පළවෙනි එක ගැහැව්වා. දෙවෙනි එක ගහන්න තිබුනේ ලෙඩේ හැදුන දිනවල. දැන් කොහොමද දිනේට ගහන්නෙ ? ගමේ අනිත් අයට අද ගහනව. ඔයා ඒ පළාතෙ  යන්න එපා. ඔයාට තියෙන්නෙ ඔයාගේ අසනීපෙ හොඳටම හොඳ වෙලා හැදුන දිනේ සිට මාසෙකට විතර පස්සෙ වැක්සින් කරන තැනකට ගිහින් පරක්කු වුන හේතුව කියලා පරණ කාඩ් එක පෙන්නලා ඉන්ජෙක්ෂන් එක ගහගන්න.

හොඳයි...ඒව හරි කියමු. ඔයා ලෙඩේ ගැන අවබෝධ කරගෙන ඉන්න. අපිට රෝගය වැළඳී ගෙවන දින සිට 11-12 දින දක්වා රෝගී වෛරසය පැටව් ගහනවා.(Incubation Period)

ඒ කියන්නේ රෝග බෝ කරනවා. ඒකනේ එළියට බහින්න එපා කිව්වේ. හොඳයි අපි කවදද එතකොට වැඩට යන්නෙ ? ආයතනයේ බොස්ට කියන්න තව දින 14 වත් (ඔක්කොම අඩුම මාසයක්) නිරෝධායනය වෙලා එන්නම් කියලා.

පොඩ්ඩක් ඔරවයි. ගණන් ගන්න එපා. පළමු දින 14 න් පස්සේ PCR කළොත් බොහෝ විට ඒක NEGITIVE. ඒත් වැඩට නම් යන්න එපා කියන්නේ ඇයි ?

ඔයාගේ ඇඟේ ප්‍රතිශක්තිය (Immunity) එකත් දැන් ගොඩක් අඩු වෙලා. ඔයාට  නොපෙනුනාට.

ඔයාට වෙනත් රෝගයකට තවත් මුහුණ දෙන්න තරම් ප්‍රතිශක්තියක් නැති නිසා වෙන රෝගයක් සෑදී අපහසු වෙන්න පුළුවන්. තවත් සමහරුන්ට නිව්මොනියා තත්ව සෑදී සුව වී තිබෙන්න පුළුවන්. ඒගොල්ලන්ට නම් සමහරවිට මාසයක් දෙකක් ප්‍රතිකාර ගන්න වෙයි.

අපිට CORONA හැදුනහම නිව්මෝනියා තත්ත්වයකට එන්නේ ඇයි?

ඒකට ගොඩක්ම හේතුව තමයි (Pneumo Cocus)

බැක්ටීරියා අපේ ඇඟට ඇතුළු වී එයා

ජනපද (Colony) හදා ගන්නවා. එතකොට ඔයාගේ පෙනහළු තුළ පොඩි උදාගම් වගේ ගම්මාන හදාගෙන ඒ කොටස ඒගොල්ලන්ගෙ පාලනයට නතු කරගන්නවා.

ඔය කියන (Pneumo Cocus) කොහේ ඉඳලද ඇඟට ආවේ ?

ආ... එයා හැම තැනම ඉන්නවා. විශේෂයෙන් දූවිල්ල මකුළු දැල් - පරණ පත්තර පොත් අතරෙ. ඔයාගේ ඇඳේ කොට්ටෙත් ඉන්නවා. අපි හොඳින් ඉන්න ඒ කාලේ අපිට ශක්තිය තිබුණ නිසා අපිට කරදර කළේ නැහැ. දැන් අපි දුර්වලයි ඔන්න එයා වැඩ පෙන්නන්න බලනවා. අන්න  නිව්මෝනියාව. ලෙඩේ ඔයාට හැදෙනවා. පලමුව කොරෝනා හැදුණු ගමන් දූවිල්ල කැලැත්තෙන්නෙ නැතුව ඇඳේ බෙඩ් ශීට් එක උඩින් අලුත් සේදූ බෙඩ් ශීට් එකක් අතුරන්න. කොට්ටෙ තිබුණ කවරෙට උඩින් අලුත් කොට්ටඋරයක් දමන්න. ෆෑන් එක නොදා ඉන්නවනම් හොඳයි. දුවිල්ල කැලතෙන නිසා. අවශ්‍ය නම් A/C දැම්මට කමක් නෑ.

බ්ලෝවර් එක යටින් නොවේ. ආ... මට කියන්න අමතක උනා. මදුරු දඟර පත්තු කරන්න එපා.

liquid මදුරු නාශක එපා. ඒවත් පෙනහළු අඩපණ කරනවා. සිගරැට් අවුරුද්දක් යනකම් කටේ තියන්න එපා. මත්පැන් අඩුම මාස 4 - 5 කට පසු ගත්තත් ලොකු ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්.

නැතිනම් ඔයා වෙනත් රෝගයකට ගොදුරු වෙයි.

ඔයා දැන් දන්නවනේ පළමු දින 14 ට පස්සේ ටවුන් ගානේ ඇවිදලා රස්තියාදු ගහලා PCR NEGITIVE වුණත් CORONA වල බාවී ප්‍රතිඵල (Side Effects) නිසා ඔයා යළිදු අසනීප වෙයි. ඔයාගේ ආයතනයේ බොස්ට කියන්න ලෙඩේ හැදිලා මාසෙකින් තමයි එන්න වෙන්නෙ කියලා. ඔයාට ලොකු ටෝක් දුන්නොත් මේ ලිපිය එයාට පෙන්වන්න. මට හොඳවයින් දෙකක් කියයි. කමක් නෑ මම ඔයගොල්ලන්ට ආදරෙයි.

හැදිලා මුල දින 14 ම උණුවෙන් කන්න. උණුවෙන් බොන්න. නාන්න එපා. අන්තිම දවස් වල ඕන නම් උණු වතුර ටවල් එකක් පොගවා ඇඟ පිහදාගන්න. මට කොරෝනා හැදුනා මට චුට්ටක් වත් දැනුනේ නෑ. චුට්ටක් උණ ආවා කියලා පණ්ඩිත වැඩ කරලා අහු වෙන්න එපා. ඇයි දන්නවද ඔයාට නොපෙනුනාට ඔයාගේ ඇඟ ඇතුල දුර්වල වෙලා. රෝගය හැදිලා දින16-20 ගියාම උණු වතුරින් මුලින්ම ඇඟ හෝදලා පස්සේ දිනක දවල් 11 - 12 ට විතර නාල හොඳ ඉඟුරු කොත්තමල්ලි එකක් බොන්න. මාස 2 - 3 යනකන් පාටි දාලා අහු වෙන්න එපා. ඔයාගේ පෙනහලුවලට වඩා අක්මාව (Liver), අග්න්‍යාසය(Pancrease), හෘදය (Heart), වකුගඩු (Kidney), දුර්වල වෙලා තියෙන්නෙ. නැත්නම් මේවා තවත් දුර්වල වෙලා වෙනත් රෝග හැදෙයි. අපි ධෛර්යවන්තව ලෙඩේට මුහුණ දෙමු. ගේමට ගේමක් දෙමු. අනිත් අයවත් දැනුවත් කරමු. ලෝකෙටම ආදරේ කරමු.

උපුටා ගැනුමකි

විශේෂඥ වෛද්‍ය සුදත් ගුණතිලක.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook