Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

මිරිස් බටු තක්කාලි වගේ පැල අපි හිටවන්නෙ තවන් දාලා. ඒ එන පැල වෙන් කරගෙන.

නමුත් රාබු , කැරට් , බීට් වගේ ඒවා අපි කෙලින්ම ක්ෂේත්‍රයෙ තමයි තවන් කරන්නෙ. 

එතකොට බෝංචි ,මෑ , බණ්ඩක්කා වගේ බීජ?  

හරි නම් කෙලින්ම බිම තවන් දාන්න ඕනෙ.. නමුත් අපි ඒ පැලේ ආරක්ෂාව ගැන ගොඩක් වද වෙන්න ඕනෙ.. ලොකු වෙනකම්.. හානි ගොඩක් වැඩියි..

මොකද මේ පැල හරිම සියුම් නිසා.. ටිකක් අත ගෑවුණත් ඇති හානියක් වෙන්න.. අනික මුල් කැඩුනොත් පැලේ මියයනවා.

අපිට පුළුවන් නම් මුල් නොකැඩි පැලේ ගලවන්න පුළුවන් විදිහට තවන් දාන්න.. පැලේ ටිකක් ලොකු උනාම වගා බිමට දාන්න තිබ්බා නේද..

ඒකට හොඳම විදිය තමයි කඩදාසි කවර හදන එක. ඒකට ගන්නෙ ඉක්මනින් ම දිරා යන පත්තර කොළ. 

පත්තර කොළ හදන්නෙත් ශාකමය අමුද්‍රව්‍ය වලින් නිසා පරිසරය ට හානියක් නෑ. 

පත්තර කොළ නවලා ස්ටෙප්ලර් කටු හෝ ගම් ගාලා අලවලා කවර ටිකක් හදාගන්න.. මේවට පස් සරු පස් පුරවලා බෝංචි මෑ බණ්ඩක්කා මිරිස් බටු තක්කාලි ඇට තවන් දාන්න. 

ඔක්කොම එකට දාන්න එපා.. එකකට උපරිම බීජ දෙකක් දැම්මම ඇති. 

මේ පුංචි පැලේ ටිකක් ලොකු වෙලා එයා පරිසරයට හුරු වෙනකම්ම මේ කවරෙ ඇතුලෙ තියාගමු .

ඊට පස්සෙ අපි සකස් කරපු පාත්තිය හරි බදුනට හරි මේ පැලේ දාන්නෙ කවරෙන් ගලවලා ද.? 

කොහොමත්ම නෑ..  මේ කවරෙ පිටින්ම තමයි හිටවන්නෙ.. වතුර සහ පස් එක්ක මේ කවරෙ දිය වෙලා යයි. 

ඉතින් පැලේ මුල් වලට හානියක් නෑ. 

හරිම ශක්තිමත් පැලයක් ඔයාලට ලැබිලා තියනවා.

කෙලින්ම හිටවපු පැල අව්ව වැස්ස ට ඔරොත්තු නොදී මිය ගියාට මේ ක්‍රමයෙන් හදන පැල ලොකු නිසා හොදින් ඒ හැමදේටම ඔරොත්තු දෙනවා.. 

ඉතින් මේ Advice එක ගංවතුර නිසා වගාව හානි වෙලා දුකින් ඉන්න අයට.. මේ වැස්ස හැමදාම තියෙන්නෙ නෑ. එතකන් ඔයාලට තියෙන්නෙ මේ විදියට ඇට තවන් දාලා තියන එක

මේ කරදර ඉවර වෙලා ඔයාලා ආයෙම පාත්ති හදද්දි ඒ පාත්ති වලට පැල ඔයාලා ගාව ලස්සනට හැදිලා තියෙයි..

කොරෝනා ආව එක ආශිර්වාදයක් කරගත්ත අපිට මේ දේවල් ලොකු ප්රශ්න නෙවෙයි.. 

අලුතින්ම පටන් ගමු.

Malithi Rasanjana


තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook