Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

හාර පිසීමේ දී රස,සුවඳ හා වර්ණකාරකයක් ලෙස කහවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. එමෙන්ම විෂබීජ නාශක ගුණය නිසාත් ඖෂධීය වටිනාකමකින් යුත් නිසාත් මේ වන විට ශ්‍රී ලංකාවතුළ කහ, ඉහළ මිලකට අලෙවිවන කුළුබඩුවක් බවට පත්ව තිබෙනවා. 
 
මේ වන විට බොහෝ දෙනෙක් කහ නොමැතිව ආහාර පිසීමට ද පුරුදු වී සිටිනවා. ඒ වෙළඳපොලේ සීමිතව තිබෙන කහ ගැන වුව ද විශ්වාසයක් නොමැතිකම හේතුවෙන්. කහ කුඩු තරම්ම විරල නොවූ කහ අල වෙළඳපොලේ මිලදී ගැනීමට මේ වන ජනතාව වැඩි උනන්දුවක් දක්වන්නේ විශ්වාසවන්තව ආහාරයට එක් කර ගැනීමට හැකිවන නිසාය. 


කහ වගාවේ ශාක පත්‍ර කහ පැහැයට හැරී වියළීමට පටන් ගැනීමෙන් ඇඟවෙන්නේ කහ අල මෝරා ඇති බවයි. මේ අවස්ථාවේ දී අස්වනු නෙලීම ආරම්භ කළ යුතුවේ. මෙහිදී කහ අලවලට හානි නොවන සේ ලොකු උදලු මුල්ලුවක් යොදා ගනිමින් අල ගලවා ගත යුතුය. අල අතර පස් ‍රැඳී තිබෙනම් ලී පතුරක ආධාරයෙන් ඒවා ඉවත් කර පිරිසිදු කර ගත යුතුවේ. ප්පසුගිය අප්‍රේල් මාසය වන විට කහ අස්වනු නෙලීම අවසන් වූ අතර මේ වන විය එළඹ ඇත්තේ කහ අස්වනු සකස් කිරීමේ කාලයයි.

සාමාන්‍යයෙන් අල නෙලාගත් පසු ගබඩා කිරීම සඳහා සිසිල් වියළි ස්ථානයක් ‍තෝරා ගැනීම සුදුසු වේ. මේ සඳහා දහයියා වඩාත් සුදුසු වන අතර එම දහයියා යොදා ගනිමින් සෙ.මී 7ක් පමණ ගනකමට එක් දහයියා තට්‍ටුවක් හා එක් අල තට්‍ටුවක් බැඟින් මාරුවෙන් මාරුවට තට්‍ටු කිහිපයකට අතුරා බීජ අල ලෙස භාවිතා කිරීම සඳහා මාස කිහිපයකට ගබඩා කර තබා ගන්නට පුළුවන. මුලින්ම මව් අලවලින් ඇඟිලි අල වෙන් කරගෙන මව් අලවල මුල් කපා ඉවත්කරගන්න. මව් අල සහ ඇඟිලි අල වෙන වෙනම කිහිපවිටක් සෝදා ඒවායේ අපද්‍රව්‍ය ඉවත් කර පිරිසිදු කර ගත යුතුවේ.

කහ අල තැම්බීමේ දී මව් අල වෙනමත් ඇඟිලිඅල වෙනමත් තම්බා ගත යුතුයි. මේ සඳහා ජල භාජනයක් රත් වීමට තබා දැල් භාජනයකට දමා අග්ත් කහ අල එම ජල භාජනය තුලට ගිලෙන ලෙස බහාලන්න. එම ජල බඳුන හොඳින් වසා ජලය නටන උෂ්ණත්වයෙහි පවත්වා ගනිමින් ඇඟිලි අල මිනිත්තු 20 -30 අතර කාලයක් තම්බාගන්න. එසේම මවල මිනිත්තු 30 -45 අතර කාලයක් තම්බා ගත යුතුවේ. අල හොඳින් තැම්බී ඇත්නම් මෘදුවන අතර ඉර‍ටු කූරකින් ඇන බැලූවිට එය පහසුවෙන් සිදුරුවේ නම් හොඳින් තැම්බී ඇතැයි නිගමනය කල හැකි වේ. නිවසේ පරිභොජනය සඳහා කහ සකස් කිරීමේ දී පීඩන උඳුනක් භාවිතා කල හැකියි.මධ්‍ය හා මහ පරිමාණ කර්මාන්තශාලාවල දී නම් කහ අල තැම්බීම සඳහා හුමාලය භාවිතා කල හැකි වේ. 

මෙසේ තම්බා ගත් මව් අල පමණක් දික් අතට කැබලි කිහිපයකට කපා වියළා ගන්න. ඇඟිලි අල එලෙසින්ම වියළා ගත හැකි නිසා කැබලි කිරීම අවශ්‍ය නැත. මෙහිදී පළමු දින 5 තුළ පෙ.ව 11.00 සිට ප.ව 2.00 දක්වා තද අව්ව කාලය හැර ඉතිරි කාලවලදිත්, එතැන් සිට දින හතක් පමණ මුළු දවස පුරාමත් වියළා ගත හැකියි. හොඳින් වියළී ඇති කහ අල එකට ගැටෙන විට ලෝහ ගැටෙන ශබ්දයක් ඇසේ. සාමාන්‍යයෙන් වියළි කහ කි.ග්‍රෑ 1ක් නිපදවීමට අමු කහ කි.ග්‍රෑ 5ක් පමණ අවශ්‍ය වේ. වියළාගත් කහ අල ඔප දැමීම සිදු කරනුවේ කහ අලවල ඇති දුර්වර්ණ වූ වියළි ශල්ක පත්‍ර හා මුල් කැබලි ඉවත් කර ආකර්ෂණීය කහ පාට මතුපිටක් ඇති කර ගැනීම සඳහායි.

නිවසේ දී කහ අල ඔප දැමීම සඳහා ඉතා සරල උපකරණයක් හඳුන්වා දිය හැකියි. හිස් බිස්කට් ටින් එකක් ගෙන පිටත රවුම් මුණුණතේ සිට ඇතුළතට ඇණයකින් රවුම් පෘෂ්ඨය පුරාම තැනින් තැන සිදුරු විද ගන්න. මෙම ටින් එක තුළට කහ අකෙබලි දමා පියන වසා මිනිත්තු 15ක් පමණ හොඳින් සොලවන්න. මෙහි දී කහ අල හොඳින් ඔපවැටී කහපාට වන අයුරු ඔබට දක්නට ලැබෙනු ඇත. කහවල පැහැය වැඩි කර ගැනීමට අවශ්‍ය නම් කහ කුඩු ස්වල්පයක් සමඟ මිශ්‍ර කර ගැනීමට ද පුලුවන.
 

වාණිජ මට්ටමින් යාන්ත්‍රිකව කහ ඔප දමන ක්‍රමයක් ලෙස අතින් ක්‍රියාත්මක කරවීමට හැකි හෝ විදුලි බලයෙන් ක්‍රියා කරවිය හැකි කහ ඔප දමන යන්ත්‍ර ද වෙළඳපොලේ ඇති අතර ඒවා ද මේ සඳහා භාවිතා කළ හැකියි. සකසන ලද වියළි කහ පොලිප්‍රොපිලින් මල්ලක අසුරා එය පොලිසැක් මල්ලක බහා ආලෝකය නොවැටෙන සිසිල් වියළි ස්ථානයක ලී රාමු මත ගබඩා කිරීමට පුළුවන.

දිශාන්ති නිරෝෂා කොඩිතුවක්කු
මාධ්‍ය හා සන්නිවේදන අංශය
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව


ආශ්‍රිත: මවුබිම පුවත්පත

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook