Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

ලෝක ප්‍රමිති දිනය අදයි. සෑම වසරකම ඔක්තෝබර් 14 වැනි දිනය යෙදී ඇත්තේ ප්‍රමිතියක අවශ්‍යතාව කෙරෙහි ලෝක අවධානය යොමුකිරීම සඳහාය. 

''මිහිකත ‍රැක්ම උදෙසා ප්‍රමිතිය'' යන්න මෙවර තේමාව වේ.

දන්නා තරමින් විශ්වයේ ජීවය ‍රැගත් එකම ග්‍රහ වස්තුව වන පෘථිවිය කෙරෙහි මෙවර අවධානය යොමු වී තිබීම, වෙන කළ හැකි දෙයක් නැත්තේය යන්න ඉඟි කරන්නක් වැන්න.

පෘථීවියට බොහෝ දේ දරා සිටිය හැකිමුත්, එය අසීමාන්තර නොවේ. අප මේ ගෙවා දමමින් සිටින්නේ මිහිකත යථා තත්ත්වයකට යළිත් පත්කළ නොහැකි තරම් විපරීත දේ සිදු වූ, සිදුවෙමින් පවතින අවස්ථාවක අධික ජනගනත්වයකට ඉඩ සලසමින්, ස්වභාවික පරිසරය උඳුරා දමමින්, ව්‍යාප්තවන සීග්‍ර නාගරීකරණය, ඒ හා සමගාමීව ස්වභාවික සම්පත් කෙරෙහි ඇති අධි ඉල්ලුම හා ඉහළ පරිභෝජනය මෙන්ම සමස්ත මානවිය ක්‍රියාකාරීත්වයන් හේතුවෙන් මියැදෙන, වඳ වී යන අපා දෙපා සිවුපා, බහුපා සතුන් මෙන්ම ගහ කොළ වන ලැහැබ්, වැසි වනාන්තර, මුදාහැරෙන හරිතාගාර වායු විමෝචනයන්, දූෂණය වන ජල ගෝලය, වායුගෝලය, සාගරය,දියවී යන හිම කලාප හා තවත් කප්පරක්නම් අපයෝජන නිසා අද්භූත පාරිසරික විපරීතයන් හි ගැහැට කොමපණක් අප දැන් දැන් විඳින්නේ ද? මේ සියල්ල කියාපාන්නේ මිහිතලයේ අවසානය නොවේද ? 

නැත ? සුබවාදීව සිතන්නට, කරන්නට මානවයා හට තවත් සොච්චමක් වූ කාලයක් ඉතිරිව තිබේ.

ඒ කාලය තුල මේ සියල්ල දෙස ගැඹුරින් සිත යොමන්න. මෙවර ලෝක ප්‍රමිති දිනය ඔබව පොළඹවනු ලබන්නේ අමු අපායකට තල්ලුවෙමින් පවතින ලෝකය තුළ සිදුවන මානවීය ක්‍රියාකාරකම් වෙනස්කළ හැකි ප්‍රබලතම එක් සාධකයක් ප්‍රමිතිය බව කියාදෙන්නටයි.

මිහිතලය මත සිදුවන මානවීය ක්‍රියාකාරකම්වල බලපෑම අවම කළහැකි ප්‍රධාන අධිකාරිය ලෙස දේශපාලන අධිකාරිය වන වග ඔවුන් හඳුනාගෙන ඇත්තේ දේශපාලන කැමැත්ත හා කැපවීම මත මිහිකතට සිදුවිය හැකි යහපත්වූ  ක්‍රියාකාරීත්වයන් බොහෝ වන නිසා.

ඊළඟට අවශ්‍ය වන්නේ රාජ්‍ය, පෞද්ගලික, ප්‍රජා මෙන්ම පුද්ගල මට්ටමෙන් සිදුවන ක්‍රියාකාරීත්වයන් විධිමත් කොට නිසි අධික්ෂණ යාන්ත්‍රණ පැනවීමයි.

ඒ සියල්ල යාමනය කිරීම සඳහා කෙ‍ටුම්පත් ගිවිසුම් හා නිර්ණායක පැනවීම ද කළ යුත්තක් වේ.

මෙවර ලෝක ප්‍රමිති දිනය නිමිත්තෙන් සැලකිල්ලට හා අවධාරණයට ලක් කෙරෙන ර්පධාන කාරණා වන්නේ බලශක්තිය සු‍රැකීම, වයු ජල හා සමුද්‍ර ගුණාත්වය ‍රැකීම, සම්පත් නාස්තිය අවම කිරීම, පරිභොජනය විධිමත් කිරීම, ප්‍රතිචක්‍රීකරණය හා පුනර්ජනනීය බලශක්තීන් භාවිතය වෙතනැඹුරු වීම ආදී වේ.

කාර්මික සංවර්ධනයට හා ආර්ථික වර්ධනයට සමස්ත ශ්‍රී ලංකාවේ සියලු ක්‍රියාකාරීත්වයන්හි තත්ත්ව ප්‍රමිතීන් පැනවීම මැනබැලිම බලාත්මක කරවීමේ හා ගුණාත්මය ‍රැකීම පැවරී ඇති ආයතනය වන්නේ ශ්‍රී ලංකා ජාතික ප්‍රමිති ආයතනයයි. එය ජිනීවාහි මූලස්ථානය පිහිටි ප්‍රමිතිකරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ සාමාජිකයෙකු ද වේ. 

උපුටා ගැනීම - මවුබිම


තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook