Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

දෘෂ්‍යාබාධිත තැනැත්තන්ගේ චලතාව සහ දිශානතිය පිළිබඳවූ අවශ්‍යතාව සපුරන මෙවලම සුදු සැරයටියයි. සුදු සැරයටිය දෘෂ්‍යාබාධිත තැනැත්තන්ගේ අනන්‍යතා සංකේතය ලෙසද සැලකිය හැකිය. යම් පුද්ගලයෙක් සුදු සැරයටිය භාවිතා කිරීමේ දී එම දෘෂ්‍යාබාධිත පුද්ගලයා තුළ පරායක්තතා හැඟීම අවම වන අතර ඔවුන් තුළ සුරක්ෂිතතාව, ස්වාභිමානය සහ ස්වාධීනත්වය පිළිබඳ හැඟීම් තහවුරු වෙයි

සුදු සැරයටි දිනය පිළිබඳ ඉතිහාසය ඉතා ඈතට දිව යන්නකි. පළමු ලෝක යුධ සමයේ දී එනම් 1914 සිට 1918 දක්වා කාලයේ දී බොහෝ දෙනා සැරයටියක් භාවිතා කළ බවට සඳහන්වනවා. නමුත් 1921 දී බ්‍රිතාන්‍ය ජාතික ඡායාරූප ශිල්පියෙක් වූ ජේම්ස් බිග්ස් නම් පුද්ගලයා අනතුරකට භාජනය වීමෙන් අනතුරුව අන්ධභාවයට පත් වූ බැවින් ඔහු තම සැරයටියේ සුදු පැහැය ආලේප කර ගෙන තිබෙනවා. ඒ පාරේ යන අනෙක් සියළු දෙනාට හොඳින් දෘෂ්‍යමාන වන්නටය.

ඉන්පසු 1931 දී ප්‍රංශයේ අන්ධ පුද්ගලයින් වෙනුවෙන් සුදු සැරයටි බෙදා දීමේ සමාජ සත්කරයක් දියත්කර තිබෙනවා. ප්‍රංශයේ ගුයිලි ඩි හර්බෙමොන්ට් ආරම්භ කල මෙම සමාජ සත්කාරය මඟින් දෘෂ්‍යාබාධිත පුද්ගලයින් 5000කට පමණ සුදු සැරයටි පිරිනමනු ලැබුවා.

දෙවන ලෝක යුද්ධ අවධියේ දී තුවාල ලැබූ සහ ආබාධිත තත්ත්වයට පත් වූ සෙබළුන් පුනරුත්ථාපනය කිරීමේ කටයුතුවල නිරත වූ  වෛද්‍ය රිචඩ් හූවර් විසින් 1944 වසරේ දි සුදු සැරයටි වර්ගයක් හඳුන්වා දෙනු ලැබුවා. වර්තමානයේ භාවිතා වන දිගු සැරයටිය මෙයයි.

ඇමරිකා එක්සත් ජනපදය විසින් 1964 වර්ෂයේ දී අන්ධභාවයේ සහ ස්වාධීනත්වයේ මෙවලමක් මෙන්ම වැදගත් සංකේතයක් ලෙස සැමරීම සඳහා සුදු සැරයටි ආරක්ෂිත දිනය ලෙස දිනයක් වෙන් කරනු ලැබුවා. ඒ ඔක්තෝබර් 15 වන දිනයි. එකල ඇමෙරිකාවේ ජනාධිපති වූ ලින්ඩන් ජොන්සන් විසින් ඇමෙරිකාවේ කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු ඒකාබද්ධ යෝජනාවක් අනුව මෙම දිනය සම්මත කර ගනු ලැබුවා

සුදු සැරයටි නිපදවීම සඳහා ෆයිබර් මිශ්‍ර ප්ලාස්ටික්, ඇලුමිනියම්, ග්‍රැෆයිට් මිශ්‍ර ප්ලාස්ටික් යොදා ගන්නා අතර සුදු සැරයටි වර්ග ලෙස දිගු සැරයටිය, හඳුනාගන්නා සැරයටිය, ආධාරක සැරයටිය, උපදේශක සැරයටිය සහ ළමා සැරයටිය හඳුන්වා දී තිබෙනවා. සම්ප්‍රදානුකූලව භාවිතා කරන සැරයටිය දිගු සැරයටිය වන අතර අන්ධ පුද්ගලයෙකු බව ඒත්තු ගැන්වීමට හඳුනාගත් සැරයටිය භාවිතා කරනවා. ශාරීරික සමබරතාව සඳහා යොදා ගන්නේ ආධාරක සැරයටියයි. උපදේශක සැරයටිය කෙටි සැරයටියක් වන අතර ඉණ ප්‍රදේශයේ සිට පහළට පොළොව දක්වා මෙහි දිග වෙනස් වනවා. අන්ධභාවයෙන් පෙළෙන ළමුන් සඳහා නිර්මාණය වී ඇත්තේ ළමා සැරයටියයි.

අන්ධ හෝ අඩු පෙනුමක් ඇති පුද්ගලෙයෙකු අන් අයට වඩා වෙනස් නොවන සේ අප සැලකිය යුතු අතර මහා මාර්ගයේ දී හෝ වෙනත් කිසියම් ස්ථානයක දී හෝ එම පුද්ගලයින්ට අනතුවක් සිදුවන්නේ නම් අප වහා ක්‍රියාත්මක වී එම අනතුර වැළැක්වීම සඳහා කටයුතු කිරීම අපගේ යුතුකමය. එසේම සුදු සැරයටියක් සමඟ සිටින පුද්ගලයෙකු පිළිබඳව අවධානයෙන් සිටීමට ද අප සැම දෙනාම නීතියෙන් බැඳී සිටිමු.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook