Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News


  •      ස්වයං නිරෝධායනය/ නිවසේසිට නිරෝධායනය වීම යනුකුමක් ද?

    “ස්වයං නිරෝධායනය/ ගෙදර සිට නිරෝධායනය වීම යන්නෙන් අදහස් වන්නේ, නීරෝගී ලෙස පෙනෙන, එහෙත්, අධි අවධානමක් සහිත විය හැකි පුද්ගලයින්රෝහල් හා නිරෝධායන මධ්‍යස්ථාන නොවන තැන්වල වෙන් කර තැබීමයි..

  •     ස්වයං නිරෝධායනය/ නිවසේ සිට නිරෝධායනය කළ යුත්තේ කාව ද?

    පසුගිය දින 14ක කාලය තුළ විදේශ රටක සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙකු කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බව හඳුනාගත් පුද්ගලයකු හෝ
    එසේ ආසාදනය වී ඇති බවට සැක කරනු ලබන පුද්ගලයකු හෝ සමග පසුගිය දින 14ක කාලය තුළදී සමීප සම්බන්ධතාවක් පැවැත්වූ අයෙකු

  •     ස්වයං නිරෝධායනය/ නිවසේ සිට නිරෝධායනය සිදුකිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග

            • හැකිනම්, ඔබ වෙනුවෙන් වෙනම කාමරයක් වෙන් කරගන්න.
            • හැමවිටම ඔබ සහ පවුලේ අය අතර අවම මීටර් එකක පරතරයක් තබාගන්න.
            • හැකිනම්, වෙනම වැසිකිළියක්/ නාන කාමරයක් භාවිතා කරන්න. ඒවා අනෙක් අය සමග හවුලේ                      පාවිච්චි කරන්නට සිදු වේ නම්, දොර අගුල්, කරාම ආදිය සබන් සහ වතුර යොදා පිරිසිදු කරන්න.
            • අමුත්තන්ගේ පැමිණීම දිරිගන්වන්න එපා./ හැකි තරම් අමුත්තන්ගේ පැමිණීම අවම කරන්න.
            • ඔබත්, ගෙදර අනෙක්අයත්, නිරතුරුවම හොඳින් දෑත් සේදිය යුතුයි. (දෑත් සෝදන විට අඩු වශයෙන්                    තත්පර 20ක්වත් එම කටයුත්ත සිදු කරන්න)
            • පිඟන්, කෝප්ප, වීදුරු, තුවා සහ ඇඳරෙදි හවුලේ පාවිච්චි කරන්නට එපා.ඔබගේ උපකරණ සබන් සහ               වතුර පාවිච්චි කරමින් වෙනම හොඳින් සෝදන්න.
            • කහින සහ කිවිසුම් යන විට, ඉවත දමන ටිෂූ කඩදාසියකින් හෝ ඔබගේ වැලමිටේ ඇතුළු පැත්තෙන්                   ආවරණය කරගන්න. භාවිතා කරන ලද ටිෂූ කඩදාසි පියනක් සහිත කසල බඳුනකට ආරක්ෂාකාරීව                      බැහැර කරන්න.
            • ඔබ විසින් පාවිච්චි කරන ලද මුහුණු ආවරණ, ටිෂූ සහ අත්මේස් පියනක් සහිත කසල බඳුනකට                           ආරක්ෂිත අන්දමින් බැහැර කරන්න.
            • ඇස්, නාසය සහ මුඛය නොසේදූ අත්වලින් අල්ලන්නට එපා.
            • අඩු වශයෙන් දිනකට දෙවරක්වත් ඔබගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කරගන්න.
            • ඔබට උණ, කැස්ස, උගුරේ වේදනාව, ඇඟ රිදීම සහ හුස්ම ගැනීමේ අපහසුව වැනි රෝග ලක්ෂණ තිබේ               නම්, වහාම මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ/ හෝ වෛද්‍ය නිලධාරි වෙත දැනුම්දෙන්න.
            • දුරකථන අංක 1990 ඔස්සේ සුවසැරිය ගිලන් රථ සේවය අමතා ආසන්නතම අදාළ රෝහල වෙත ගමන්                පහසුකම් සපයාගන්න.

මූලාශ්‍රය: වසංගත රෝග ඒකකය, සෞඛ්‍ය අමාත්‍යාංශය

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook