Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

සූර්යාලෝක චන්ද්‍රයා මත පතනය වන පෘෂ්ටයේ පවා ස්වභාවික ජලය සහිත පෙදෙස් ඇති බව නාසා විද්‍යාඥයන් විසින් ස්ථිර වශයෙන් අනාවරණය කරගනු ලැබ තිබෙනවා. 

මෙම නිගමනයට ඔවුන් එළඹ ඇත්තේ චන්ද්‍රිකා මාර්ගයෙන් ලබාගන්නා ලද ඡායාරූප විශ්ලේෂණයෙනි. ආවාට සහ කඳු නිස චන්ද්‍ර පෘෂ්ටයේ ඇතැම් කුහර තුළට හිරු කිරණ නොවැටෙන හෙයින් ඒවා අභ්‍යන්තරයේ ජලය පමණක් නොව අයිස් පවා පවතින බව ඔවුන් නිරීක්ෂණය කර තිබෙනවා.

මෙම ජලයේ ස්වභාවය නිර්ණය කිරීම පිණිස වැඩි දුරටත් පර්යේෂණ සිදු කලයුතු බව එම විද්‍යාඥයෝ පෙන්වා දෙනවා. අනාගතයේ දී චන්ද්‍රයා මතුපිට ගොඩ බස්වන යානාවන් විසින් සිදු කරනු ලැබීමට අපේක්ෂිත පර්යේෂණ සඳහා මෙම සොයා ගැනීම බෙහෙවින් ප්‍රයෝජනවත් වන බව ඔවුන්ගේ අදහසයි.

උපුටා ගැනීම : මවුබිම

 

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook