Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

https://inside.gossiplanka.com/2020/07/dog-bites-child.html
මේ ශෝකජනක පුවත වාර්තාවන්නේ බ්‍රසීලයෙන්.29 හැවිරිදි ඉලේන් නොවාස් සහ 32 වියැති රෙජිස් අවුරුදු 9ක් තිස්සේ දරු සුරතල් බලන්න ආසාවෙන් හිටියේ. අවුරුදු 9කට පස්සෙ එයාලට කැඳැල්ලට නිවුන් දරුවන් දෙදෙනෙක් එකතු වුණා.

සිඟ්ති දරුවන් මේ කැඳැල්ලට එන්න කලින් ඒ ගෙදර සුරතලා වුණේ බල්ලෙක්. නිවුන් දරුවන් ගෙදරට ආවම මේ සුරතලාට ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න ඇති. දරුවන් උපත ලැබූ දා සිට මෙම දඩෝරියා යම් "ඊර්ෂ්‍යාවකින්" පෙළුණු බව ඉලේන් කියනවා.

දවසක් ඉලේන් මොහොතකට නිදන කාමරයෙන් පිටතට ගිය අවස්ථාවක ප්‍රචණ්ඩකාරී සුනඛයාගේ හඬ ඇසී ඇය දුවගෙන පැමිණියා. නමුත් ඒ වන විටත් ඊර්ෂ්‍යාකාරී මේ සුනඛයා දවස් 26ක් පිරුණු කුඩා සිඟිත්තන් දෙදෙනාව මරු තුරුලට යවා තිබුණා.

සුනඛයාගේ පහරකෑමට ලක් වූ දරුවන් දෙදෙනාට අසල නිවසක සිටි හෙදියක් ඉක්මන් ප්‍රතිකාර කළ නමුත් උදරයට සිදුව තිබූ මාරාන්තික තුවාල නිසා එතැනදීම මිය ගියා. අනෙත් සිඟිත්තා හෘදයාබාධයට ලක්වීමෙන් 'මාරියා පේදෙයිරා බාබෝසා' මහ නගර රෝහලේදී අවසන් ගමන් ගියා.

ඔබට සිටින සුරතලා ගැන නිතරම විපරමින් සිටින්න. ඔබේ දරුවා සමඟ ඔවුන් බොහෝ විට ආදරෙන් සිටිනු ඇති. නමුත් සමහර විට ඔබේ ආදරය වෙනුන් ඔවුන් දරුවන්ට වෛර කරනු ඇති.



තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook