Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

https://inside.gossiplanka.com/2020/06/journey-to-space.html
''මීට පැය කිහිපයකට පෙර ෆ්ලොරීඩා හි කේප් කැනවරල් තුඩුවේ දී ඉතා විශේෂිත හා වැදගත් වීමක් සිදුවූවා , ඒ SpaceX ආයතනයේ falcon Crew Dragon අභ්‍යවකාශ යානය මිනිසුන් ඉහළ කක්ෂයට රැගෙන ගිය ප්‍රථම පෞද්ගලික යානය ලෙස ඉතිහාස ගත වීමයි.මේ සමග මිනිස්සුන් අභ්‍යවකාශයට රැගෙන යන පෞද්ගලික සමාගමක් අයිති ලොව ප්‍රථම පුද්ගලයා බවට SpaceX නිර්මාතෘ Elon musk පත්වුනා.

දූරදර්ශී බිලියනපතියෙකුගේ සිහිනයක කූටප්‍රාප්තියක් ලෙස බොහෝ අය ඉලෝන් ගේ SpaceX හඳුන්වනවා.නමුත් මට ඔහු ඊට වඩා විශේශ පුද්ගලයෙක්, ඔහු මිනිස් ශිෂ්ටාචාරය වෙනුවෙන් සිහින දකින නිහතමානී හා උත්සහන්වන්ත පුද්ගලයෙක්.ඔහුගේ සිහිනය ඉතා ප්‍රභලයි..ඒ මිනිස් ශිශ්ටාචාරය ආරක්ශා කරගැනීම වෙනුවෙන් අභ්‍යාවකාශ ජනාවාස හෝ අභ්‍යාවකාශ මෙහෙයුම් දියත් කිරීමයි. තම සහෝදරයා සමග කුඩා කාර්යාල කාමරයක එක් පරිගනකයත් සහ සෝෆාවක් සමගින් සිය ප්‍රථම ආයතනය ආරම්භ කර අද වන විට ලොව ප්‍රබලම පෞද්ගලික අභ්‍යාවකාශ ආයතනයේ අයිතිකරු වන ඉලොන්ගේ ගමන කෙනෙකුට පුදුමය සහ ධෛර්යය උපදවන සුළුයි.

" ඔබ ඇහැරී සිටින සෑම මොහොතකදීම ඔබගේ සිහින ගැන සිතන්න.." ඒ ඉලොන්ගේ දැක්මයි.

බොහෝ ව්‍යාපාරිකයන් අවදානම් ආයෝජන, සිහින වෙනුවෙන් මුදල් වැය කරන්නේ නෑ. "spacex ආරම්භ කරන විට එම ව්‍යපෘතිය සාර්ථකවීමට ඇති ඉඩකඩ ඔහුගෙන් ඇසුවා නම් එය 1% ලෙස ලංසු තබන බවයි ඉලොන් වරක් පැවසුවේ.
මීට දශකයකට එපිට ඉලොන් සතුව ආයතන දෙකක් පැවතුනා.ඒ පෙනෙනතෙක් මානයක යතාර්ථයක් නොමැති, සිහිනයක් පමණක් අරමුණු කරගත් SpaceX සමාගම හා Tesla නැමති විදුලි මෝටර් රථ සමාගමයි. 2008 දී ඉලෝන්ට ඉතා අසීරු සහ අභියෝගාත්මක තීරණයක් ගැනීමට සිදුවනනා. ඒ ඔහු සතුව තිබූ ඩොලර් මිලියන 30 සිය ආයතන දෙක අතර ආයෝජනය කරන ආකරයයි .ඔහු සියල්ලම එක් ආයතනයකට ආයෝජනය කළ හොත් නිසැකවම අනෙක් ආයතනය ආයතනය මිය යනු ඇති .මුදල් ආයතන දෙක අතර බෙදා හැරිය හොත් ආයතන දෙකම පාඩු ලැබූ ඇතියි.නමුත් ඔබ දෙයකට ඇතුළාන්තයෙන් ඇලුම් කරන විට ඒවා මියදීමට ඉඩ දී ඔබට බලා සිටින්නට බැහැ .එම නිසා ඔහු සිය මුදල් ආයතන දෙක අතර ම බෙදා හැරීමට තීරණය කළා . මේ වන විට ලොව ප්‍රමුඛතම විදුලි මෝටර් රථ වන Tesla හී modelS මෝටර් රථ සහ SpaceX හී falcon අභ්‍යවකාශ යනා ඒ අවදානම් තීරනයේ ප්‍රතිපලයයි.

Space X හී ෆැල්කන් ව්‍යාපෘතියේ මුල් අභ්‍යාවකාශ දියත් කිරීම් තුනම ගිනිගෙන විනාශ උනා.එම අසාර්ථක ව්‍යාපෘති වලට හේතු උනේ ඔවුන් සතුව විශයේ ප්‍රවීනයන් නොසිටීමයි. දක්ෂ විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් අසාර්ථක SpaceX සමග එකතු වීම ප්‍රතික්ෂේප කලා.සිව්වෙනි දියත් කිරීම සදහා මුදල් සොයා ගැනීමට ඉලෝන්ට මහත් වෙහෙසක් දැරීමට සිදු උනා. පිට පිට තුන් වෙනි වරටත් අසාර්ථක වෙන විට ඉලොන්ගේ මිතුරන් ඔහුට පැවසුවේ SpaceX නවතා දමන ලෙසයි.නමුත් ප්‍රභල සිහින දකින්නෙකු සහ උත්සහවන්තයෙකු වූ ඉලොන් ඔවුන්ගේ උපද්දෙස් පිලිපපැදිම ප්‍රතික්ෂේප කරමින් දිගටම ව්‍යපෘතිය කරගෙන යාමට තීරනය කලා.අද වන විට ඔහුගේ ෆැල්කන් ඩ්‍රැගන් අභ්‍යාවකාශ යානය මගින් 7 දෙනෙකු සමග විශාල ප්‍රමාණයක cargo ඉහල කක්ශයට රැගෙන යාමට හැකියාවක් තිබෙන ලොව එකම යානයයි.

මාවැනි විද්‍යා ප්‍රබන්ධ සිනමාවේ , ආතර් සී ක්ලාර්ක් ගේ ප්‍රබන්ධ වල රසිකයන් ඉලොන් ට බෙහෙවින් ආදරය කරති. ඔහු ප්‍රබන්ධ යතාර්ථ බවට පත් කරන මායාකරුවෙකි.
ක්ලාර්ක් ගේ ප්‍රබන්ධ මේ වන විට යතාර්ථය බවට පත් වෙමින් පවතී. ප්‍රබන්ධ වලට අනුව අනාගත ලෝකයේ අභ්‍යාවකාශ ගවේශනය මෙහෙයවන්නේ පෞද්ගලික ආයතනයි.එනම් spaceX අද දින සනිටුහන් කලේ අනාගත මිනිසුන්ගේ විශ්ව ගවේශනයේ ප්‍රථම පියවර ලෙස කෙනෙකුට කිව හැක. අනාගත මිනිසුන් රතු ග්‍රහයා මත පාතබන විට හෝ වෙනත් වාසයට සුදුසු ග්‍රහලෝකයක් ජනාවාස කලහොත් නිසැකවම ඉලොන් ඔවුන්ගේ මූලාරම්භයේ කීර්තිමත් මග සලකුනක් ලෙස හදුන්වනවා ඇත.

"ඔබ ඇහැරී සිටින සෑම මොහොතකදීම ඔබගේ සිහින ගැන සිතන්න.-ඉලොන්."

දිල්රුවන්

අන්තර්ජාලය ඇසුරෙනි  


තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook