Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

කොරෝනා වෛරසය ආසාධනය වැලක්වීමට කංසා යොදා ගත හැකිද යන්න කැනේඩියානු විද්‍යාඥයින් කණ්ඩායමක් පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා.

විදේස් මාධ්‍ය වාර්තා කරන්නේ මිනිස් සිරුරේ සෛල තුළ කොරෝනා ආසාධනය වීම වැලැක්වීම සම්බන්ධයෙන් කංසා වර්ග 400ක් යොදාගනිමින් මෙම පර්යේෂණය ලේත්බ්‍රිජ් සරසවිය විසින් සිදු කරන බවයි.

කැනබිඩියෝල් යොදා ගෙන සිදු කළ මෙම පරීක්ෂණය තුලදී කොරෝනා වෛරසය මිනිස් සිරුරේ සෛල තුළ ඇතුලත් වීමේ අවධානම 70% කින් අඩු කිරීමට හැකියාවක් පවතින බවයි ඔවුන් සඳහන් කරන්නේ.

3D තාක්ෂණය ඔස්සේ නිපදවූ මිනිස් ඉන්ද්‍රියන් සහිත මොඩලයක් පර්යේෂකයින් මේ සඳහා යොදා ගෙන තිබෙනවා.

එම පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මේ පිළිබඳව මේ වන විටත් පර්යේෂණය සිදු වන බවත්, වෛරසයට එරෙහිව කංසා පානය භාවිතය ගැනීමට ඉක්මන් නොවිය යුතු බවයි.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook