Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

කොරෝනා වයිරස් රෝගය මුළු ලෝකයම උඩුයටිකුරු කර ඇති මේ මොහොතේ මේ රෝග පාලනයට රජය, සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ගෙන යන වැඩපිළිවෙළ තුළ ඉමහත් අස්වැසිල්ලක් ලැබී තිබෙන බව කිව යුතුයි.

නමුත් රෝග ව්‍යාප්තිය පාලනය කරන්නට ජනතාවගේ පැත්තෙන් ඉටුවිය යුතු යුතුකම් මෙන්ම වගකීම්ද එමටයි.


මේ දිනවල ජනතාවගේ වගකීම වී ඇත්තේ කොරෝනා පමණක් නොව ඕනෑම බෝවන රෝගයක් නොවැලඳෙන ලෙස ප්‍රතිශක්තිය තම ශරීරය තුළ වර්ධනය කර ගැනීමයි.

ඒ සඳහා මහෝපකාරී වන ධූමායනයක් සහ ඔෟෂධීය කැඳක් ගැන කිරිඉබ්බන්ආරේ හෙළ වෙදගෙදර වීරප්පෙරුම වෙද පරපුරේ ඉපැරැණි වෙද පොතපතෙහි සඳහන් වෙනවා.

එම ධූමායනය සකසා ගැනීම සඳහා වියළි ඉඟුරු, අරත්ත අල, තිප්පිලි මුල් මිට බැගින් ගෙන පිරිසුදු මැටි මුට්ටියකට දමා හුමාලය පිට නොයන සේ පියනකින් වසා තම්බා ගන්න.

ඉන් පසුව ඝන රෙදි කඩකින් හිස වසා එම හුමාලය මුහුණට හා පපුවට දහඩිය දමන තුරු අල්ලන්න. එමෙන්ම හොඳින් එම හුමාලය ආශ්වාස කරන්න. ඊට පසුව සීත හුළං නොවදින පරිදි ආරක්‍ෂා වෙන්න.

එමෙන්ම ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ නංවන කැඳක් සාදා ගන්නා ආකාරය මෙහෙමයි. වියළි ඉඟුරු, කොත්තමල්ලි, තිප්පිලි, කළං දෙක බැගින් ගෙන පිරිසුදු මැටි මුට්ටියකට දමා වතුර පත අටක් ඊට එකතු කර පත හතරක් වනතුරු එය සිඳුවා ගන්න.

එම වතුර පිරිසුදු භාජනයකට පෙරා ගන්න. එසේ පෙරාගත් වතුරට හොඳින් බැදගත් හාල් කළං හයක් එකතු කරගන්න. ඊට පසුව එය එක පතකට සිඳුවා ගන්න.

එය උදේ සවස පත භාගය බැගින් වන පරිදි තිප්පිලි කුඩු ස්වල්පයක් එකතු කර පානය කරන්න. මෙය දින පහක පමණ කාලයක් භාවිත කරන්න.

ඉහත ධූමායනය සහ කැඳ ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ නංවන්නට සමත්. එසේම උගුරේ සහ පෙණහලු ආශි්‍රතව බැඳෙන සෙම සහිත විස ගතිය පහ කරන දිව්‍යමය ඔසුවක් බවද කිව යුතුයි.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook