Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

වෛරස් ආසාදන ශ‍්‍රී ලාන්කික අපට ආගන්තුක නොවේ.මේ මොහොතේ ඔබ ඉතා බුද්ධිමත්ව, වගකීමෙන් සන්සුන් මනසකින් කටයුතු කරන්න. අනියත බියට පත්ව කලබලයකින් කටයුතු නොකරන්න.

ඔබ ශක්තිමත්නම් ඔබේ පවුලද ශක්තිමත්වේ. තම තමන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට කිසිදු පුරවැසියකුට මේ අවස්ථාවේ අයිතියක් නැත.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට ඔබ මේ උපදෙස් පිළිපදින්න. ආහාර පාන ලෙස හැකි හැම විටම නිවසේ පිසින ලද ආහාර පමණක් භාවිතා කරන්න.උදෑසන ආහාරය සඳහා ඖෂධීය කැඳ වීදුරුවක් පානය කරන්න.(මේ සඳහා ගොටුකොළ, මදුරුතලා, යකිනාරන්, පොල්පලා, එලබටු, කරපින්චා යන කොළ වර්ග එකක් හෝ කිහිපයක් කැඳ සඳහා භාවිතා කරන්න. ඒ සඳහා දේශීය සහල් වර්ගයක් හෝ ඔබට පහසුවෙන් සපයාගතහැකි නිවුඩු කැකුළුසහල් වර්ගයක් යොදා ගන්න.

සෑම විටම ආහාරවේල නියමිත වේලාවට ලබා ගන්න. සෑම විටම දේශීය කුලූ‍බඩු වර්ග භාවිතා කරන්න.හැකිතරම් ප‍්‍රතිශක්තිය වඩවන ස්වභාවික එළවලූ‍, පලතුරු, පලාවර්ග ආහාරයට ගන්න.(උදාහරණ -කෙසෙල්මුහ, කොහිල, පොලොස්, මුරුන්ගා, ගොටුකොළ, කතුරුමුරුන්ගා ,තිබ්බොටු, දොඩම්, නාරන්, කොමඩු ,බෙලි, දිවුල්,නෙල්ලි, කටුඅනෝදා,* එසේම එළඟි තෙල්, තලතෙල් හෝ පිරිසුදු පොල් තෙල් භාවිතා කරන්න.

තේ වෙනුවට ඉරමුසු, රණවරා, පත්පාඩගම්, ඉඟු‍රු, කොත්තමල්ලි වැනි ඖෂධීය පානයක් භාවිතා කරන්න. පිටිකිරි භාවිතයෙන් වළකින්න. ප‍්‍රතිශක්තිය හීන කරන ආහාරපාන, පැණිබීම, කෘත‍්‍රිම රසකාරක යදූ ආහාර, වර්ණකාරක යදූ ආහාර, ශීත කළ ආහාර වර්ග, ක්ෂණික ආහාර වර්ග භාවිතයෙන් වළකින්න.

විහරණ හෙවත් වත් පිළිවෙත් ලෙස - දුම් පානයෙන් සම්පූර්ණයෙන් ඉවත් වන්න.මත් පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින්න. නිවසේ, කාර්‍යාලයේ සහ ඔබගේ පෞද්ගලික පවිත‍්‍රතාවය රැකගන්න. දිනපතා දිවාකල ස්නානය කරන්න. දිනකට පැය 7-8 ක් රාත‍්‍රී කාලයේ නිදා ගන්න. හැකිතරම් ධර්මානුකූල මනසකින් කටයුතු කරන්න (වෛරය, ක්‍රෝධය , ඊර්ෂ්‍යාව ආදියෙන් ඉවත් වීම, භාවනා ක‍්‍රම, සුදුසුයෝග ක‍්‍රම භාවිතා කිරීම.* රසවින්දනය සඳහා ගීත, කාව්‍ය ආදියට යොමුවන්න. අධික කායික හා මානසික වෙහෙසීමෙන් වළකින්න.

මෙලෙස පරිසරය රැකගන්න - හොඳින් වාතාශ‍්‍රය ලැබෙන ලෙස පරිසරය සකසාගන්න. සෑම විටම ඔබේ නිවසේ දොර ජනෙල් විවෘත කර සූර්‍යාලෝකය නිවස තුළට වැටීමට ඉඩ සලසාගන්න. ජනතාව එක‍්‍රැස් වන ස්ථාන වලට යාමෙන් වළකින්න. හැකි හැම විටම නිවසේම රැඳී සිටින්න. වාතය පිරිසුදු කරගැනීම සඳහා ඖෂධීය ධූම වර්ග භාවිතා කරන්න.(උදාහරණ ලෙස - හල්දුම්මල, සාම්බ‍්‍රානි ,අබ, වදකහ, පැඟිරි කුලයේ කොළ වර්ගයක්, කොහොඹ කොළ, කුරුඳුකොළ, මදුරුතලා යන වර්ගයන්ගෙන් එකක් හෝ කිහිපයක් භාවිතා කරන්න.*

 කොරෝනා ඇතුළු බෝවන රෝගවලින් මිදීම සඳහා දින පතා ඔබ මෙසේ කරන්න - ඔබගේ නිවාස හෝ ව්‍යාපාරික ස්ථානවලට කහ දියර ඉසින්න.එම ස්ථාන වලට ඖෂධීය දුම් අල්ලන්න. වරින් වර ලූ‍ණු ස්වල්පයක් යොදා ගත් මඳ උණුසුම් ජලයෙන් වරින් වර උගුර සේදීම සහ නිවසින් බැහැර ගොස් පැමිණි විගස අනිවාර්‍යයෙන්ම එය සිදුකරන්න. එසේම ඔබ නිවසෙන් බැහැර ගොස් පැමිණි විගස පළමුව සබන් යොදා අත් සෝදා පසුව ශරීරය පිරිසුදු කර ගන්න. නිවසේ සියළු දෙනා පරිහරණය කරන උපකරණ පොදුවේ භාවිතා නොකරන්න. (උදාහරණ -පිඟන්, කෝප්ප, ඇඳුම් පැළඳුම්, අත්පිස්නා,තුවාය ආදිය*.එසේම ඔබගේ නිවසේ සෙම් ප‍්‍රතිශ්‍යාව, උණ, කැස්ස රෝගීන් සිටීනම් ඔවුන් වෙන් කර තබන්න.

(ඒ අය පුද්ගලිකව පරිහරණය කරන ද්‍රව්‍ය සමග*.සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කරයිනම් වහාම ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී හෝ ළඟම ඇති පොලිසියට දැනුම් දෙන්න.

නිරෝධායනය වන පුද්ගලයන් සඳහා ලබා දීමට සුදුසු දේශීය ආහාර හා පාන වර්ග - උදෑසන ආහාරය; කොළකැඳ වර්ගයක් ලබාදීම ඒ සඳහා ගොටුකොළ, මදුරුතලා, පොල්පලා ,යකිනාරන්, කරපින්චා, ඉඟු‍රු,සුදුළූණු,දේශීය සහල් හෝ නිවුඩු කැකුළු භාවිතා කර කැඳ සාදාගන්න.දිවා සහ රාත‍්‍රී ආහාරය සඳහා පහත සඳහන් ස්වභාවික ආහාර ලබා දීම සුදුසුයි. එනම් බත් සමඟ ව්‍යන්ජන-පොලොස් ,කොහිල අල, කෙසෙල්මුහ, එළබටු, තිබ්බටු, බතල, වට්ටක්කා, දඹල, මුරුන්ගා, අලූ‍කෙසෙල් වැනි දෙයක් සමග කොළ වර්ගයක්, එයට කතුරුමුරුන්ගා, ගොටුකොළ, අඟු‍ණකොළ, කොහිලදළු, රණවරා කොළ, එරබදු කොළ වැනි දෙයක් ගත හැක.

එසේම එයට කුඩා මාළු වර්ගයක්,හාල් මැස්සො භාවිතා කළහැක. එසේම තේ වෙනුවට ගතහැකි පානයන්-ඉරමුසු, රණවරා, පත්පාඩගම්, ඉඟු‍රු, කොත්තමල්ලි වැනි දෑත්,විශේෂයෙන් ප‍්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා වියළි ඉඟු‍රු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට, රසකිඳ, වදකහ, වැල්මී යන ඖෂධ 2-3ක් හෝ කිහිපයක් ටික ටික සම ප‍්‍රමාණ ගෙන තම්බා බීමට සුදුසුයි.

විශේෂයෙන් සඳහන් කළ යුතුයි, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාන්ශය හා ආයුර්වේද දෙපාර්තමේන්තුව එකතුව පිහිටුවන ලද -‘කොරෝනා උවදුර මැඩලීමට පත් කරන ලද දේශීය වෛද්‍ය ක‍්‍රම පිළිබඳ ජාතික කමිටුව’ මගින් මේ වන විට කොරෝනා වැළඳුණ රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා විශේෂ ආයුර්වේද හා දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර පද්ධතියක් සැලසුම් කර ඇත. අවශ්‍ය උවහොත් ඒ සඳහා ප‍්‍රතිකාර කිරීමට අප රෝහල් හා වෛද්‍ය කාර්‍ය මණ්ඩළ සූදානම් බව සඳහන් කරමු.

 කොරෝනා උවදුර මැඩලීමට පත් කරන ලද දේශීය වෛද්‍ය ක‍්‍රම පිළිබඳ ජාතික කමිටුවේ සාමාජික
 විශේෂඥ වෛද්‍ය සුගීස්වර ජයකොඩි
 ආයුර්වේද රෝහල
 මීගොඩ.

උපුටා ගැනීම - දිවයින වෙබ් අඩවිය

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook