Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

ඔබ කන් දෙක පිරිසිදු කරගැනීමට යොදා ගන්නේ කුමන ක්‍රමයක් ද? කන් යනු ඉතා සංවේදී වගේ සියුම් ස්ථානයක්. ඔබගේ අතින් සිදුවන වැරදි හේතුවෙන් කන අසාධනය වීම වගේම කන් නොඇසීම, කනේ වේදනාවන් ඇති වෙන්න පුළුවන්.

ඒ නිසා මේ ලිපිය ඔබට වැදගත් වේවි.

පුළුන් සහිත කූරු මගින් කන් පිරිසිදු කරගැනීම සෞඛ්‍යය සම්පන්න නොවේ
කනෙහි මාර්ගය ඔස්සේ කිසිවක් ඇතුල් කිරීම සුදුසු නොවේ. මෙමගින් ඔබගේ කන් බෙරයට විශාල ලෙස හානියක් සිදු කල හැකිය. මේවා ආධාරයෙන් කන් පිරිසිදු කරගන්නා විට කන් කලාදුරු අනවශ්‍ය ලෙස කන තුලට තෙරපී කන් ඇසීම අඩාල වනු ඇත.

කන් කලාදුරු ඉවත් කිරීමට අවශ්‍ය නොවේ
කනේ නිසි සෞඛ්‍යය පවත්වා ගැනීම සදහා කන් කලාදුරු සැලකිය යුතු ප‍්‍රමාණයක් කන තුල තිබිය යුතුවේ. කන් කලාදුරු තුල ප‍්‍රතිබැක්ටීරියා ගුණයක් අන්තර්ගත වන අතර අනවශ්‍ය ලෙස ඔබ ඒවා ඉවත් කිරීම සෞඛ්‍යයට අහිතකර වේ.
ඔබ කන් පිරිසිදු කරනා ආකාරය පිලිබදව දැනුවත් වීමට පෙර එය සිදුකල යුත්තේ කිනම් අවස්ථාවේද යන්න දැනුවත් වී සිටිය යුතුය.
කන් කලාදුරු අප විසින් එය කන තුල තිබියදීම පිරිසිදු කර ගැනීමට අවශ්‍ය නොවේ. කන් කලාදුරු කනෙන් ඉවතට පැමිණ ස්වාභාවික ලෙසම පිරිසිදු වේ. නමුත් සමහර පුද්ගලයන්ගේ එසේ නොවේ ඔවුන්ගේ කනතුල කන් කලාදුරු කැටි ගැසෙනු ලබයි. එවන් අවස්ථාවන් හිදී ඔබ විසින් ඉතා ප‍්‍රවේශමෙන් කන් පිරිසිදු කර ගත යුතු වේ. මෙවන් ආකාරයට ඔබේ කන තුල කන් කලාදුරු කැටි ගැසීම මගින් වේදනාවක් දැනෙනවානම් වෛද්‍යය උපදෙස් ලබාගන්න.

කන තුල පවිත්ර කරගැනීම සදහා භාවිතා කල හැකි සරල ස්වාභාවික පිළියමක්
ලූණු ජලය මගින් ප‍්‍රතිකාර සිදු කිරීම මේ සදහා ඉතාමත් ඵලදායි වේ. මේ සදහා ජලය සපයා ගැනීමේදී ශරීර උෂ්ණත්වයට සමාන උෂ්ණත්වයකින් යුත් ජලය භාවිතා කරන්න.

මෙම ස්වාභාවික සත්කාරය සිදු කර ගැනීමේ පියවරයන්
1. උණු ජලය කෝප්ප භාගයකට ලූණු මේස හැන්දක් එක්කරගන්න.
2. පුළුන් බෝලයක් එහි ගිල්වන්න.
3. කන ඇලකර කන තුලට ජල බිංදු කිහිපයක් එක්කර එම ආකාරයෙන්ම විනාඩි 3 – 5 අතර කාලයක් රැදී සිටින්න.
4. ඉන් පසු ජලය ඉවත්ව යාම සදහා කන අනෙත්පස හරවන්න
5. ඉන් පසුව කනෙන් එලියට ආ කන් කලාදුරු පිරිසිදු රෙදි කැබැල්ලකින් පිසදා ගන්න.
ඔබට මෙම ස්වාභාවික සත්කාරය මගින් සුවයක් නොලබුනේනම් ඔබ තවමත් කන තුල රැුදී ඇති කන් කලාදුරු මගින් වේදනා විදිනවානම් උගුර, කන හා නාසය පිලිබද විශේෂඥ වෛද්‍යය වරයෙකුව මුණ ගැසෙන්න.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook