Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

ඡායාරූප කියන්නේ අප කාගේත් මතක සටහන්. ඒ මතක සමහර වෙලාවට ජීවිතේ අවසන් මතක සටහන වන අවස්ථා ද තියෙනවා. ලෝකයම සංවේදී කල සිදුවීම් කිහිපයක ඡායාරූප සටහන් කිහිපයක් තමයි මේ. ඒවායේ විශේෂත්වය වන්නේ ඒ සෑම මතක සටහනකම ඉතා සංවේදී කතාවක් අන්තර්ගතව තිබීමයි.

ඡායාරූප සහ විස්තර පහතින්,


1.කාර් බෝම්බය

මේ තිබෙන්නේ උතුරු අයර්ලන්තයේ සිදු වූ සිදුවීමක් වර්ෂ 1998 දී. කාර් එකක් අසල තමන්ගේ දියණියව උරහිස් මත තබාගෙන සිටින පියෙකුගේ මේ ඡායාරූපය අරන් මොහොතක් ගත වෙන්නට පෙර එම ස්ථානයේ දැවැන්ත කාර් බෝම්බයක් පුපුරා යනවා.. දියණිය හා පිය දිවි ගලවා ගත් නමුත් ඡායාරූප ශිල්පියා ඇතුළු 29 දෙනෙකු ජිවිතක්ෂයට පත් වෙනවා.. මෙම ප්‍රහාරයේ වගකීම පසුව IRA කියන සංවිධානයක් විසින් භාර ගනු ලැබුවා…

2.සෙල්ෆියේ සතුට



Tyler Hadley කියන වයස 17ක තරුණයා [වීදුරුව අත ඇති] තරමක සතුටකින් සිටින බව මේ ඡායාරූපය තුළින්⁣ 2 වන ඡායාරූපය තුළින් පෙනී යනවා. සැබැවින් ම ඔහු සතුටින්, මොකද ඔහුගේ නිවසේ පාටියක් තිබුනා. මේ සෙල්ෆිය ඔහු ලබා ගන්නේ පාටිය අතරතුර ඔහුගේ දෙමාපියන් ඝාතනය කිරීමෙන් පසුවයි. ඔහු දෙමාපියන් ව මරා කාමරයක් තුළ සැඟ වීමන් පසු මෙම ඡායාරූපය ගනු ලබනවා.. පසුව ඔහුව අත්අඩංගුවට ගන්නා අතර ඔහුට මරණ දඬුවම නියම කරනු ලබනවා


3.වසර 25කට පසුව


Monniers නමින් ඉතාමත් පොහොසත්, උසස් පවුලක් ප්‍රංශයේ ජිවත් වුනා වර්ෂ 1800 සිට. ඔවුන්ට වයස අවුරුදු 25ක Blanche නමින් දියණියක් සිටියා. නමුත් ඇය එක්වරම අතුරුදහන් වෙනවා.. තවත් වසර 25ක කාලයක් ගෙවිලා ගියා. ඇය ගැන කිසිදු තොරතුරක් සඳහන් වුනේ නෑ..නමුත් එම වසර 25ට පසුව පැරිස් වල Attorney General ගේ මේසය මත කුඩා ලියවිල්ලක් තිබී හමු වෙනවා. එහි සඳහන් වුනේ වසර 25කට පෙර අතුරුදහන් වූ යුවතිය සිර කර ඇති තැන ගැනයි.ඇයව වසර 25ක කාලයක් එකම ස්ථානයේ සිර කර තබා තිබිය දී හමු අවස්ථාව 3 වන ඡායාරූපයේ දැක්වේ

4.කුළුණ උඩ අවසන් මොහොත



2014 වසරේ ඔක්තොම්බර් මාසයේ wind turbine එක මත වැඩ කරමින් සිටි කාර්මිකයන් දෙදෙනෙකු නොසිතු දෙයකට මුහුණ දෙනවා. ඒ ටර්බයින් එක හදිසියේ ගිණි ගන්නවා. ඔවුන් ට ඉවත් වීමට අවස්ථාවක් නොතිබුණු අතර ඔවුන් දෙදෙනාම මිය යනවා..


5.ඝාතකයා සිටි ඡායාරූපය



පිලීපින දේශපාලකයෙකු වන Reynaldo Dagsa නව අවුරුදු උදාව සමරමින් සිටියා.. ඒ අවස්ථාවේ දී ඔහු ගන්නා ඡායාරූපයක ඔහුගේ ඝාතකයාද සටහන් ව තිබුණා.. ඡායාරූපය රැගෙන මොහොතකින් ඔහුව ඝාතනය කෙරුණා. ඡායාරූපයේ දකුණ පසු උඩින් සිටින ඝාතකයාව එම ඡායාරූපය නිසා හඳුනා ගැනීමට හැකි වුනා


6.CCTV වල සඳහන් වූ පුංචි ඝාතකයෝ



එක්සත් රාජධානියද මුළු ලෝකයාම කම්පාවට පත් කරන ලද සිදුවීමක් මේ ඡායාරූපයේ සටහන් වෙනවා. ඒ වයස අවුරුදු 2ක් Jamie Bulger ව ඔහුගේ ඝාතකයන් විසින් පැහැරගෙන යන අවස්ථාවයි. මේ ඝාතකයන් වුයේ Robert Thompson හා Jon Venables ය. ඔවුන් දෙදෙනාම වයස අවුරුදු 10 ක් දරුවන් දෙදෙනෙකි…


7. අවසන් සේයාරුව



වයස අවුරුදු 14ක් වුනු Regina Walters ව Robert Ben Rhoades නම් අයකු විසින් පැහැර ගනු ලබනවා. මේ ඡායාරූපයේ ඇත්තේ ඔහු විසින් ඇයව ඝාතනය කිරීමට පෙර ලබා ගත් ඡායාරූපයයි.. ඇයව ඝාතනය කර පරණ ගොවිපලක සඟවා තිබිය දී සොයා ගනු ලබනවා…


8.අකුණු පහරකට පෙර



වර්ෂ 1975 දී කැල්ෆෝනියාවේ සිදුවීමක් මේ ඡායාරූපයේ සටහන් ව ඇත. සොහොයුරන් දෙදෙනෙකු විසින් atmosphere හී ඇති ඉලෙක්ට්‍රොන් චාජර් බලය උපයෝගී කරගෙන තමන්ගේ හිසකෙස් පා කරන ආකාරය එහි දැක්වේ. නමුත් සුළු මොහොතකින් එතන අකුණුක් වදින අතර ඔවුන් දෙදෙනාම දැඩි තුවාල සමඟ ජිවිතය ගලවා ගැනීමට සමත් වෙනවා..නමුත් ඒ අසල සිටි පුද්ගලයෙකු මිය යනවා..


9.දෙවියන්ගේ නාමයෙන් සියදිවි නසා ගැනීම





මේ ඡායාරූපයේ ඇත්තේ ඉතිහාස⁣ය තුළ සටහන් එක්වර වැඩිම පිරිසක් සියදිවි නසා ගත් අවස්ථාවයි. වර්ෂ 1978 දී ‘revolutionary suicide’ නම් කළ මෙය කරන ලද්දේ ක්‍රිස්තියානු පුජකයෙකු ලෙස කටයුතු කළ Jim Jones නැමැත්තෙකු විසිනි. එහිදි සයිනයිඩ් භාවිතා කර 918 දෙනෙකු සියදිවි නසා ගත්තේ ය

10.අහම්භයෙන් ලැබුණු ඡායාරූපය




වර්ෂ 1989 දී ෆ්ලෝරිඩා වල සුපර්මාකට් එකක කාර් පාක් එකක තිබී මෙම 10 වන ඡායාරූපය සොයා ගනු ලබනවා. තදින් බැද දමන ලද ගැහැණු දරුවෙක් හා පිරිමි දරුවෙකු සිටින ⁣ආකාරය මේ ඡායාරූපයේ දැක් වුනා..මොවුන් දෙදෙනාවම අවස්ථා දෙකක දී පැහැර ගෙන තිබුනා. මෙතන සිටින කුඩා පිරිමි දරුවා පසුව මිය ගොස් සිටිය දී හමු වෙනවා.. ඔහු පලා එමට සමත් වුනත් ඔහු උදව් සොයා ගැනීමට පෙර මිය ගොස් තිබුනා…


11.ඝාතකයාට ලබා දුන් අවසන් සැමැරුම




සුප්‍රසිද්ධ ගායක ජෝන් ලිනන් තමන්ගේ ඝාතකයාට සමරු සටහනක් ලබා දෙන ආකාරය මේඡායාරූපයේ ඇත. පසුව එම පුද්ගලයා විසින් එදිනම රාත්‍රීයේ ජෝන් ව ඝාතනය කළේ ය…


12.ඡායාරූපයෙන් කියූ දේ



මේ ඡායාරූපය බැලු පමණින් පාසල් කාලය මතක් වන්නට ඇති. මේ වර්ෂ 1999 දී සටහන් වූ ඡායාරූපයකි. කොළොම්බියානු පාසලක සිසුන් පිරිසක් මේ ඡායාරූපයේ සිටින අතර ඉන් වම්පස උඩ කෙළවරේ සිටින Eric Harris හා Dylan Klebold තමන්ගේ ඇඟිලි ගිනි අවියක ආකාරය පෙන්වා සිටින ආකාරය දැක ගන්න පුළුවන්.. පසුව ඔවුන් දෙදෙනා තමන්ගේ පංතියේ යාළුවන් 12 ක් හා ගුරුවරයෙකු ඝාතනය කර, තවත් 24 දෙනෙකු ට තුවාල සිදු කළේ ය…


13.දිය යට ඡායාරූපය



මිනිසෙකු තමන්ගේ බිරිඳ සමඟ දිය යට ඡායාරූපයක් ගැනීමට ගියේය. නමුත් ඔවුන් නොසිතු දෙයකට මුහුණ දීමට සිදුවිය. කාන්තා⁣වගේ ඔක්සිජන් ⁣රෙගියුලේටරය ගැලවිම නිසා, ඇය ගිලි මිය ගියේය.. ඇයගේ මිය ගිය ශරීරයමේ ඡායාරූපයේ සාගර පතුලේ වැටි ඇති ආකාරය පෙන්වා දෙයි.. මේ ඡායාරූපය නිසා ඇයගේ සැමියා නොකළ වරදකට හසුවීමට ගොස් ගැලවුණි…


14.මරණයට පෙර



ඇමෙරිකානු දේශපාලකයෙකු වන R. Budd Dwyer ඔහු⁣ගේ මුඛයට ගිනි අවිය දමා වෙඩි තබා ගැනීමට පෙර ගත් ඡායාරූපය 14 වන ඡායාරූපයෙන් දැක් වේ… එය රූපවාහිනියේ සජිවි ව පෙන්වා ඇති බව සඳහන්..

15.නොසිතු දෙයක්




The Candy Man නැතිනම් Dean Coril කියන්නේ දාම ඝාතකයෙකි. ඔහු විසින් තරුණ පිරිමි ළමුන් 28 දෙනෙකුට වඩා අපචාරය කර වද දී මරා දමා තිබුණි. පසුව ඔහුව අත්අඩංගුවට ගන්නා අතර වසර 600ක සිර දඬුවමක් ලබා දෙයි..2012 දී චිත්‍රපටි නිෂ්පාදකයෙකු ට ඔහු සමඟ කතා කිරීමට අවස්ථාවක් උදා වෙයි. ඔහුව බැලීමට සිර ගෙදරට යන විට ඔහු නොසිතු දෙයක් දකිනවා. ඒ කුඩා පිරිමි ළමයෙකු අත්මාංචු පිටින් සිර ගෙදර සිටින ආකාරයයි.. ඔහු විසින් ඒ අවස්ථාවේ ලබා ගත් ඡායාරූපය 15 වන ඡායාරූපයයි.. මේ දරුවා කවුද මොනවද කරේ කිසිවෙකු දැන සිටියේ නැත..


16.අවසාන අවස්ථාව



කැමරාව අද ගොඩාක් දියුණුයි. නමුත් 19 වන සියවසේ පැවැති පැරණි කැමරා වල ෂටර් ස්පීඩ් එක ගොඩාක් දුර්වල මට්ටමක පැවැතියා..16 වන ඡායාරූපයේ සඳහන් ව ඇත්තේ මව, පියා සහ දියණිය සිටින ඡායාරූපයකි. තරුණියගේ තරමක වෙනස් ඔබ දකිනවා ඇති. ඇය මිය යමින් සිටියේ, ඉතින් දෙමාපියන් අවසන් වරට එකට සිටින ඡායාරූපයක් ගැනීමට අවශ්‍ය වුනා. නමුත් ඡායාරූපය සටහන් වන විටත් ඇය මිය ගොස් සිටියා…


උපුටා ගැනීම අන්තර්ජාලයෙන්

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook