Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

"කෝ මං මේසෙ උඩ තියලා තිබ්බ සල්ලි ටික"
"මංදන්නෙ කොහොමද? මංගත්තෙ නෑ"
"හැමදාම ගත්තෙ නෑ ගත්තෙ නෑ කියනවා. මොකාදඑහෙනම් සල්ලි ගන්නෙ"

"අනේ තාත්තෙ මල්ලිද දන්නෑ. මගෙ සල්ලිත් නෑ හොයාගන්න වෙලාවකට"
"අනේ මංදා මේ ගෙදර නම් ඉන්නෙ පුදුම හොරු ටිකක්"

සෙනෙවිලගෙ ගෙදරහැමදාම වලි යන්නෙ සල්ලි නැතිවෙලා. තිබ්බ තැන සල්ලි ටික නෑ. සෙනෙවි හැමදාම නෝනා එක රණ්ඩු වෙනවා සල්ලි අරගන්නවා කියලා. සෙනෙවිගෙ දුව නිසලි රණ්ඩු වෙනවා මල්ලි එක්ක සල්ලි ගන්නවා කියලා. හැමදාම මේ ගෙදර රණ්ඩුවක් නැති දවසක් නෑ.

සෙනවිගෙ නෝනා මදාරටත් හරි ප්‍රශ්නයක් මේක. එයා හැමදාම වැරදිකාරයා වුණත් මදාරා කවදාවත් සෙනවිගෙ සල්ලි අරන් නෑ නොකියා. අල්ලපු ගෙදර ඉන්න කමලක්කට මදාරා දවසක් මේ ගැන කිවුවා. කමලක්කනම් කිවුවෙ ගෙදර භූත දෝෂයක්ද කොහෙද හොඳ තැනකට ගිහිනන් නිමිත්තක් බලවගන්න කියලා.

එදා සෙනවි ගෙදර ආවට පස්සෙ මදාරා එයාගෙ යෝජනාව කිවුවා. හැමදාම එයා සල්ලි ගන්නවා කිවුවට එයා සල්ලි ගන්නෙ නෑ කියලා මදාරා සෙනවිට කිවුවා. සෙනවිගෙ පුතත් ඒකට කට දාගෙන ඇවිත් එයත් අක්කගෙ සල්ලි ගන්නෙ නෑ කියලා කෑ ගැහුවා. ප්‍රශ්නෙ එන්න එන්නම වැඩිවෙන හින්දා සෙනවි ඕන දෙයක් වෙද්දෙන් කියලා මදාරාඑක්ක නිමිති බලන තැනකට යන්න කැමති වුණා. මුළු පවුලම දැන්‍යන්න ලෑස්තිය. ඒ පැත්තෙ හිටිය හොඳ ගුරුන්නාන්සෙ කෙනෙක්. කට්ටිය එයාව හම්බෙන්න තමා ගියේ.
.............................................
නිමිති බලන තැනක් කිවුවට එතන නිකන් දේවාලෙ වගෙ. ගුරුන්නාන්සෙ එක එක පූජාවල් කරලා තමා කියන දේවල් කියන්නෙ. එහෙම පූජාවල් තියනකොට සමහර මිනිස්සු පරල වෙනවා. සෙනවිලගෙ පවුලටත් පූජාව තියන්න පටන් ගත්තා ටිකක් වෙලා යද්දි නිසලි හයියෙන් හූ කියන්න පටන් ගත්තා.

"හා හා කවුද මේ හූ කියන්නෙ"
ගුරුන්නාන්සෙ ඇහුවා.
"මං කල්‍යාණි"

කල්‍යාණි කියන්නෙ සෙනවිගෙ අක්කා කෙනෙක්. එයා ජීවත් වුණෙ සෙනවිගෙ මහ ගෙදර. එයාගෙ පපුව අමාරුවක් තිබ්බනිසා
කල්‍යාණිට කසාදයක් හරි ගියෙ නෑ. එයා හැමෝම එක්ක හිටියෙ තරහින්. එජ පාරට ආව පපුවෙ අමාරුවකින් තමා එයා මැරුණෙ.

"හා කියමු බලන්න තමුන් මොකද මෙහෙ කරන්නෙ"
"මං මුන්ට ඉන්න දෙන්නෙ නෑ. මුන් මට සැලකුවෙ නෑ. මේ ගෑණිව මට පේන්න බෑ. මගෙ මල්ලිව අල්ලගත්තා මදිවට මෙකි මට සලකන්නවත් මල්ලිට ඉඩ දුන්නෙ නෑ. මං මුන්ට යහතින් ඉන්න දෙන්නෙ නෑ"

නිසලි රවාගෙන මදාරා දිහා බලන් කියෝනවා.

"දැන් තමුන් මැරිලා. ජීවත් වෙන මිනිස්සුන්ට කරදර කරන්නෙ මොකද? තමුන් දැන් කොහෙද ඉන්නෙ"
"මං ඉන්නෙ මං ඉන්නෙ දැන් පෙරේත ආත්මෙක. මං ඉන්නෙ මුන්ගෙ කුස්සියෙ. මං මුන්ව දාලා යන්නෙ නෑ"
"එතකොට මෙයාලගෙ සල්ලි හොරකම් කරන්නෙ තමුන්ද"

ඒ ප්‍රශ්නෙ ඇහුවා විතරයි නිසලි මහ හයියෙන් හිනාවෙන්න ගත්තා.

"ඔව් ඔව් මට තියන සතුට කියලා ඉවර කරන්න බෑ මුන් රණ්ඩු වෙද්දි"
"දැන් ඒ සල්ලි අරං තමුන් මොකද කරන්නෙ"
"මට සල්ලි වැඩක් නෑ යකෝ.මං ඒවා ඔක්කොම එහෙන් මෙහෙන් තියනවා මුන්ට හොයාගන්න බැරිවෙන්න. මුගෙ මෙට්ටෙ අස්සෙ තමා මං ඒවා වැඩිපුරම ගිහින් තියන්නෙ"
"හා හා හා හා"

අදෘශ්‍යමාන බලවේගෙක බැල්ම නිසා ගෙදර රණ්ඩු ඇතිවෙන බව ගුරුන්නාන්සෙට තේරුණා. කෙම්මුර දවසක ගෙදර පූජාවක් තියලා මේ ආත්මය නිදහස් කරන්න ඕන කියලා තමා ගුරුන්නාන්සෙ කිවුවේ.
....................................
සෙනසුරාදා දවසක ගුරුන්නාන්සෙ පූජාව පටන් ගත්තා. ටිකකින් නිසලි ආයෙ පරල වුණා. කෑ ගහන්න ගත්තා.
"මගේ ඇඟ පිච්චෙනවා. තොපි ඕක නවත්තපල්ලා"
"අපි නවත්තන්නෙ නෑ. තමුන් දැන් යන්න ඕන මේ ගෙදරින්"
"බැ බෑ මං මුන්ව දාලායන්නෙ නෑ. මං මුන්ගෙන් එකෙක් හරි බිල්ලට ගන්නවා"
"ඒ කතා ඕන නෑ තමුන් යනවද නැද්ද?"
"නෑ මං යන්නෙ නෑ"

ගුරුන්නාන්සෙ මතුරමින් ආයෙ පූජාව පටන් ගත්තා. නිසලි කෑ ගහනවා.
"දැන් තමුන් යන්න කැමතිද "
"මට එහෙම යන්න බෑ. මාව නිදහස් වෙන්න මුන් හාමුදුරුවන්ට දානයක් දීලා මට පින් දෙන්න ඕන.""
"එතකොට තමුන් යනවද"
"ඔව් එතකොට මට මේ පෙරේත ආත්මෙන් නිදහස් වෙලා ජයශ්‍රී මහා බෝධිය ළඟට යන්න පුළුවන්"
........................................
සෙනවි ඉක්මනින්ම සාංඝික දානයක් දෙන්න ලෑස්ති වුණා. දානෙ අවසානෙ හැම පිනක්ම කල්‍යාණිගෙ නමට අනුමෝදන් කලා.

එදායින් පස්සෙ කවදාවත් සෙනවිගෙ ගෙදර සල්ලි නැතිවුණේ නෑ. මෙට්ටෙ අස්සෙ තිබිලා නැතිවුණු සල්ලි ටිකත් හම්බුණා.

ඔයාළගෙ ගෙදරත් බඩු මුට්ටු සල්ලි නැතිවෙනවන්ම් පොඩ්ඩක් හෝදිසියෙන් ඉන්න. භූතයෙක් ඉන්නවද දන්නෙ නෑනෙ.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook