Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

න්දියාවේ තමිල් නාඩු ප්‍රාන්නයේ ට්‍රිචි නගරයේ අනාරක්ෂිත නළ ළිදක් තුළ සිර වී සිටි වයස අවුරුදු 02 ක් වයසැති සුජිත් විල්සන් දරුවා මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.. දින 04ක් පුරා මෙම දරුවා කුහරයක් තුළ සිරවී සිටියා.  මෙම දරුවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඉන්දීය බලධාරීන් විශාල උත්සහයක් ගත්තත් එය දිනෙන් දින අපහසු තත්ත්වයකටයි පත්ව තිබුණේ.

දරුවා සිරවී සිටින ළිං කුහරය වටා ඇති ඝණ පාෂාණ තට්ටුව හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම මන්දගාමී වුණා. ළිදේ විවරය තුලින් දුගදක් පැමිණ ඇති අතර ඒ පිළිබඳ සෝදිසි කළ බලධාරීන් සඳහන් කර ඇත්තේ ඊට අනුව දරුවා මියගොස් යම් කාලයක් ගත වී ඇති බවයි. කුහරය තුළින් දරුවාගේ කිසිඳු ප්‍රතිචාරයක් නොමැතිවීමද හේතු කොටගෙන මෙහෙයුමේ නිරත බලධාරීන් තීරණය කර ඇත්තේ මුදා ගැනීමේ මෙහෙයුම් නතර කර දැමීමට බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වන විට දරුවාගේ දේහය මාපියන් වෙත භාර දී තිබෙනවා. දරුවාගේ අවසන් කටයුතු අද දිනයේ සිදු කිරිමට නියමිතයි. 

මෙවැනි වගා නළ ලිං වලට හාරණ ලද වලවල් වලට වැටී ඉන්දියාවේ ළමුන් විශාල වශයෙන් මිය යනවා. කෙසේ නමුත් සුජිත්ගේ ඛේදවාචයකත් සමඟම මෙසේ අවධානම් සහිත පටු ළිං වැසීමට බළධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා. 









තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook