Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

http://inside.gossiplanka.com/2019/07/2019-astrology-details.html
ග්‍රහණ හෙවත් ග්‍රහණෝත්පාත නිතරම ඇති නොවන අතර සමහර අවස්ථාවන්හිදී ඇතැම් රටවල්ට පැහැදිලිව පියවි ඇසට දකින්නටද හැකියාවක් නැත.සමස්තයක් වශයෙන් සිදුවන මෙම තත්ත්වය ශුභ දෙයක් නොවන බවද සිහිපත් කළ යුතුය.

විශේෂයෙන්ම මෙම 2019 වසරට අදාළව නිතය වශයෙන් චන්ද්‍ර ග්‍රහණ 02ක් සූර්ය ග්‍රහණ 03ක් සිදුවීමට නියමිත බව සිහිපත් කළ යුතුය.මෙයින් මෙම වසර මුලම ජනවාරි මාසයේදීම අර්ධ සූර්ය ග්‍රහණයක් සහ පසුව එම මාසයේම 21 වැනි දින පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් සිදුවූ බවත් තවදුරටත් සිහිපත් කල යුතුය.


මෙවර ඉදිරි ජූලි මාසයට අදාළවත් ග්‍රහණයන් ද්විත්වයක් සිදුවීමට නියමිත බව ඔබ මේ වන විටත් අවබෝධයෙන් පසුවනවා ඇත.ඉන් පඝමු වැන්න ජුලි මස 03 වන දින මධ්‍යාහන 00.54ට අද නැකතේ තුන්වන පාදය පාදක කර ගනිමින් මිථුන රාශියේදී සිදුවීමට නියමිතය.මෙය ජ්‍යොතිෂ ශාස්ත්‍රය ඉතා වැදගත් කාරණා ගණනාවක් ඉස්මතු කරන්නකි.විශේෂයෙන්ම නැකැත් සෑදීමේදී ග්‍රහණෝත්පාත දෝෂ ශුද්ධිය සැලකීමේදී මෙම දෝෂ මකා නැකැත් සෑදීමට ප්‍රමුඛ විය යුතුය.

විශේෂයෙන්ම මාධව හා වෘහස්පති යන සෘෂිවරු මෙම සෑම ග්‍රහණයක් සිදුවන දිනය පෙර දින දෙක තුනක් සහ පසුව දින තුනක් යන තුරාවටත් යන දින 07ක් පුරාවට ශුභ කටයුතුවලට යොදි නොගත යුතු යැයි ප්‍රබල මතයකි.එසේම ග1හණය සිදු වූ රාශියත්,නැකතත් ග්‍රහණය සිදුවන දිනට පෙර දින 07ක් සහ පසු දින 07ක් ඇතුළුව දින 15ක් කිසිදු ශුභ කටයුත්තක් සඳහා යොදා නොගත යුතු බව අපගේ ප්‍රබල ආචාර්යවරුන්ගේ මතය වී ඇත.

කෙසේ වෙතත් මෙම ඉදිරි ජූලි 03 වැනිදා පූර්ණ සූර්ය ග්‍රහණය හේතු පැදක කරගනිමින් රටේද ඉදිරි දේශපාලනික ගමන් මඟේද ප්‍රබල වෙනස්කම් කිහිපයක් ඇති වීමට නියමිතය.ජාත්‍යන්තර බලපෑම් කිහිපයක්ද ඒ ඔස්සේ මෙරටට බලපෑම් කරනු ඇත.ඉදිරියට විදුලි,දුම්රිය,ප්‍රවාහන අංශයන්හි මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයන්හිද යම් යම් උවදුරු බිඳ වැටීම් ඇති කරවන්නට සමත් වනු ඇත.

කෘෂිකර්මාන්තයට බලපානු ලබන කෘමි උවදුරු උග්‍ර වීමක් ඇති වන ලකුණු ඇති අතරම,සතුන්ගෙන් බෝවන ඩෙංගු ආදී රෝගී තත්ත්වයන් රට තුළ මතු වනු ඇත.රටට හිතැති ශාස්ත්‍රීය නායකයෙකුගේ නික්ම යෑමක්ද බලාපොරොත්තු විය හැකිය.ක්‍රීඩා ක්ෂේත්‍රයේ යම් පසුගාමී තත්ත්වයක්ද ඉදිරියේදී ඉලාපොරොත්තු විය යුතුය.
මෙම වසරේ දෙසැම්බර් මස 26 අග භාගය වන විට මෙම තත්ත්වයන් අඩු වැඩි වශයෙන් පවතින්නට හැකියාව ඇති අතරම,අනෙකුත් ලග්න රාශි දොළොසටත් පහත ආකාරයේ ප්‍රතිඵල අත් විඳින්නට හේතු පාදක වනු ඇත.

මේෂ ලග්නය -
අසල්වාසීන් සමඟ ගැටලු ඇති කර ගැනීමට හැකියාව පවතී.නීතිමය කටයුතු තත්ත්වයන් හමුවේ පෙනී සිටින්නටත් නීතියෙන් දඬුවම් ලැබීමටත් සිදුවේ.ප්‍රවේශම් වන්න.අස්ථි රෝග පවතී නම් ඒවා වෙනුවෙන්යොමු වී තරමක සුවය බලාපොරොත්තු විය හැකිය.ලිවීම් ආදියේ යොමු වී සිටින්නේ නම් යහපත් වේ.ශරීර ශක්තියද ඉහළ යනු ඇත.එසේම ලැබීම් අතින්ද යහපත් කාල සීමාවකි.දේපළ අයිතියේ ස්ථීර වීම් ඇතිවේ.

අශුභතාවලින් මිදීමට -
නැවුම් කැකුළු සහලින් කිරිබත් සාදා දෙවියන් පුදන්න.

වෘෂභ ලග්නය -
මංගල යෝග උදාවේ.යුග දිවියේ සාර්ථකත්වයට හේතු වන කාරණා යෙදේ.නිවසේ දියුණුව පිණිස අලුතින් නිවෙස් කොටසක් එකතුවීම සිදුවන කාල සීමාවකි.බලවතුන්ගේ උපදෙස් ලබන්නට හේතුවන බව දත යුතුය.ස්ත්‍රියක් නම් රූපලාවණ්‍ය කටයුතු කෙරේ.යොමු වන්නට අවස්ථාව උදාවේ.උගත්කමින් ධණය ලබන්නට අවස්ථාව සැලසුණත් යම් හේතූන් මත ඒවා මඟ හැරී යනු ඇත.

අශුභතාවලින් මිදීමට -
හැකිතාක් පිරිත් සජිජායනය කරන්න.

මිථුන ලග්නය -
අධ්‍යාපනය සිදු කරන්නාවුන් හට යහපත් බවත් ප්‍රකාශ කළද විභාග ආදී කටයුතු කෙරේ නිසි තැන,නිසි ජය ලැබීමට හේතු නොවේ.දරුවන් බලාපොරොත්තු වන අයට ඒවා ඉටු කර ගැනීමට අවස්ථාව නොසැලසෙන බවද කනගාටුවෙන් වුවද සිහිපත් කළ යුතුය.රැකියාවක් සිදු කරන්නේනම් ඒවායේ බාධා,පීඩා ගෙන දෙන කාල සීමාවකි.නමුත් බෙල්ලේ හෝ ඇස්වල යම් රෝග තත්ත්වයන් මතුවේ.සිතේ පැවැති අසහනයන් දුරස් වී යනු ඇත.කෙසේ වෙතත් තමා පිළිබඳ තමාගේ අත්මාභිමානය ඇති වන කාල සීමාවකි.

අශුභතාවලින් මිදීමට -
දුප්පතුන්ට ආහාර ලබා දෙන්න.

කටක ලග්නය -
නැති දියුණුව ඇති වේ.කලක සිට නිවසේ හෝ පවුලේ පැවැති අශුභ තත්ත්වයන් සඳහා නිශ්චිත සහනය උදා වනු ඇත.නමුත් ව්‍යාපාරවලින් ලාභ ලාබෙන මාර්ග අවහිර වී යනු ඇත.හොඳින් සිටි සහෝදරයන් තමා නිසා සිතේ අමනාපකම් ඇති කර ගනී.කල්පනාකාරී වන්න.පපුවේ සහ එයින් උඩ ශරීර කොටස්වල යම් දුර්වලතා මතුවීමට ඉඩ ඇත.කල්පනාකාරී වන්න.

අශුභතාවලින් මිදීමට -
සිර කර ඇති සතුන් නිදහස් කරන්න.

සිංහ ලග්නය -
සිනාමුසු මුහුණින් කටයුතු සිදු කරන්නට අවස්ථාව සැලසේ.වාහනවල ගමන් කිරීමේදී ප්‍රවේශම් වන්න.අධ්‍යාපනාදී කටයුතුවලට යහපත් කාල සීමාවකි.ආගම දහම වෙනුවෙන් කාලය යොමු කිරීමට බලවත් ඉඩකඩ සැලසෙන අතර නොපමාව ඒ සඳහා යොමු වීමෙන් අපලතා ඉවත්වී යනු ඇත.වෘත්තීය දියුණුව සැලසේ.

අශුභතාවලින් මිදීමට -
ජය ශ්‍රී මහා බෝධිය වඳින්න.

කන්‍යා ලග්නය -
ශුභ කටයුතුවලට බාධා ගෙන දෙන තත්ත්වයන් ඇතිවේ.නමුත් අතට ලැබෙන මුදල් නිසියාකාරව විය පැහැදම් කිරීමට අවස්ථාව සැලසේ.දද,කුෂ්ඨ,බිබිළි ආදිය මතුවීමට හැකිය.මොන ගැටලු පැවතියත් තමාගේ කටයුතු කෙරේ බලවත්ව අවංකව ඉදිරිපත් වන සහෝදරයෙකුගේ පිහිට ලැබේ.පිය පක්ෂයේ නෑදෑයන්ගෙන්ද බොහෝ උදවු උපකාර ලැබෙනු ඇත.සුරැකි දේපළ තව තවත් සුරක්ෂිත වන අතරම ඒවායින් අතුරුඵල ලැබීමට හේතු වෙයි.

අශුභතාවලින් මිදීමට -
අටපිරිකරක් පුදන්න.

තුලා ලග්නය -
අශුභතාවලින් මිදී නිදහස්ව කාරණා කටයුතු සිදු කරගෙන යෑමට අවස්ථාව සැලසේ.අධ්‍යාපන කටයුතුවල නියැළෙන්නේ නම් ඒවා සාර්ථක කර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.පැවැති සිත් තැවුල් බොහෝමයක් නික්ම යනු ඇත.විදෙස් ගමන් සඳහා අවස්ථාව සැලසෙන කාල සීමාවකි.ණයට දීමේදී කල්පනාකාරී වන්න.පින් පිණිස තමා සතු වත්කම් පූජා කරන්නට අවස්ථාව සැලසේ.

අශුභතාවලින් මිදීමට -
කප්රුක් පූජාවක් සිදු කරන්න.

වෘශ්චික ලග්නය -
කලහකාරි ගති සිතට ඇතුව වුවත් බලවත් අශුභ කාල සීමාවක් නොවේ.සමාජයේ කටයුතු වෙනුවෙන් කාලය යොමු කිරීමෙන් නමට ගෞරවය දිනා ගත හැකිය.රැකියා ස්ථානයේ ඉහළ නිලධාරීන්ගෙන් පැසසුම් ලබන්නට හැකියාව පවතී.පියාගේ කටයුතු වෙනුවෙන් කාලය,ශ්‍රමය වැය කිරීමට සිදුවන අතර,සිතේ ව්‍යාකූල තත්ත්වයන් යම්තාක් දුරට ඇතිවේ.

අශුභතාවලින් මිදීමට -
අංග සම්පූර්ණ බුද්ධ පූජාවක් පවත්වන්න.

ධනු ලග්නය -
දරුවන්ගේ කටයුතු වෙනුවෙන් කාලය යෙදවීමට සිදුවේ.සිතේ පැවැති කරදර බාධා තරමක් ගිලිහී යනු ඇත.කෘෂිකාර්මික අංශයේ නියැළෙන්නේ නම් ඒවා යහපත්ව දියුණු තියුණු කරගෙන යෑමට අවස්ථාව සැලසෙනු ඇත.දරුවන් බලාපොරොත්තු වන මවක නම් මේ කාල සීමාව යහපත් වන්නේය.සිතේ පැවැති ගති දුර්වලතා මඟහැරී යනු ඇත.වැඩිමහල් සහෝදරයන් වෙනුවෙන් කාලය යොමු කරන්නට සිදුවේ.

අශුභතාවලින් මිදීමට -
යාචකාදීන්ට දන් දෙන්න.

මකර ලග්නය -
අධ්‍යාපනය වෙනුවෙන් වැඩි වැඩියෙන් කල් ගත කරන්නට සිදුවේ.ඒවායින් ලැබෙන ප්‍රතිඵලද නරක නොවේ.තමාගේ හෝ කලත්‍රයාගේ සහෝදරයන් වෙනුවෙන් කාලය කැප වන්නට සිදුවේ.තමාට ලැබිය යුතුව තිබූ වත්කම් තරමක් දුරට ලැබේ.යාන වාහන,ඉඩ කඩම් මිලදී ගැනීමට ඉතා ශුභ කාල සීමාවකි.දියුණුව උදෙසා එම කටයුතුවල සාර්ථකව යොමු වන්නට අවකාශය සැලසේ.

අශුභතාවලින් මිදීමට -
වැටකෙයියා මලක් පූජා කරන්න.

කුම්භ ලග්නය -
බලාපොරොත්තු නොවන අයුරින් විෂ හානි හෝ වෙනත් ආසාත්මිකතා මතුවීමට ඉඩකඩ ඇත.පුණ්‍යස්ථානය යහපත් බැවින් පෙර පින් මතුවී යහපත් ඵල ලබා දීම සිදුවීම නැත්තාද නොවේ.නීතිමය ප්‍රශ්ණ හමුවේ තමා වැරදිකරු විය හැකි බැවින් සිහියෙන් කටයුතු කරන්න.විවාහයේද කටයුතු අඩාලත්වයට හේතු වන තත්ත්වයන් පෙන්වන බැවින් ඒ ගැනත් සිතන්න.

අශුභතාවලින් මිදීමට -
රෝහලක ගිලනුන්ට උපස්ථාන කරන්න.

මීන ලග්නය -
අඹු - සැමි නුරුස්සනා ගති ප්‍රබලව ඉස්මතු වෙයි.නමුත් රැකියාවේ කටයුතුවලින් සිතට සහනය උදා කරනු ඇත.මව - පියාට සැලකීමෙන් උසස් ඵල නෙළා ගත හැකිය.ආදර සම්බන්ධ කටයුතුවලදී ගැටලු මතු වේ.ශුභ කටයුතුවලට බාධා ගෙන දෙන තත්ත්වයන් ඇතිවේ.නමුත් සුභ ගමන් බිමන්වලට යහපත් කාල සීමාවකි.දරුවන් ලෙඩ කරවීමට තුඩු දෙන කාල සීමාවකි.යහපත් සංගම්වලට සම්බන්ධ වීමේ අවස්ථාව උදාවේ.

අශුභතාවලින් මිදීමට -
විහාරස්ථානයක් පිරිසිදු කරන්න.


**මෙම පලාඵල පොදු පලාඵලයක් බව කරුණාවෙන් සළකන්න.තමන් ගත කරන මහ දශා, අතුරු දශා කාල අනුව වෙනස් විය හැකිය.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook