Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

http://inside.gossiplanka.com/2019/06/rishad-bathiudeen-should-resign-mahinda-rajapaksa.html

ජනමතයට කන්දෙමින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා වහාම ඉල්ලා අස්විය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ වගේම අතුරලියේ රතන හිමිපාණන්ගේ මාරාන්තික උපවාසයට හේතු වූ කාරණා පිළිබඳව උන්වහන්සේ කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවීමට බලාපොරොත්තු වන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

රතන හිමියන් 2015 දී වර්තමාන ආණ්ඩුව පිහිටුවීම සඳහා මූලිකව කටයුතු කළ හිමිනමක් වශයෙන් රජයට මේ අයුරින් බලපෑම් කිරීමට උන්වහන්සේට අයිතිය තිබෙන බවද සඳහන් කල විපක්ෂ නායකවරයා එම හඬට සවන්දීමට මෙම ආණ්ඩුවට වගකීමක් තිබෙන බවද අවධාරණය කළේය.

මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ අතුරලියේ රතන හිමියන්ගේ මාරාන්තික උපවාසය සම්බන්ධයෙන් කල විමසීමකදීය.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook