Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ හා මහාධිකරණ විනිසුරුවන් 20 දෙනකුට වැඩි සංඛ්‍යාවක් පසුගියදා ඇමෙරිකාවේ සංචාරයක නිරත වූ බව මෙරට ඇමෙරිකානු තානාපාති කාර්යාලයේ ප්‍රකාශිකා නැන්සි ටී. වැන්හෝන් මහත්මිය තහවුරු කළාය.


 ඒ අනුව ඇමෙරිකානු රජය මෙරට අධිකරණ විනිසුරුවන් පිරිසක් එරට සංචාරයක් සඳහා රැගෙන ගිය බව පසුගියදා බදාදා ඒකාබද්ධ විපක්‍ෂයේ ගම්මන්පිල මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කළ හෙළිදරව්ව ඇමෙරිකානු තානාපති කාර්යාලය මඟින් නිල වශයෙන් පිළිගෙන තිබේ.

වසර පනහකට අධික කාලයක් තිස්සේ මෙරට අධ්‍යාපනඥයන්, ව්‍යවසායකයන්, සිවිල් ක්‍රියාකාරීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් රැසක් මේ ආකාරයේ වෘත්තිකයන් හුවමාරු වැඩසටහන්වලට සහභාගී වී ඇති බවද වැන්හෝන් මහත්මිය මේ පිළිබඳව කළ විමසකදී සඳහන් කළාය.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook