Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News


මැයි 20දා රජයේ නිවාඩු දිනයක් කිරීමට තීරණය කළ බව අභ්‍යන්තර හා ස්වදේශී කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය සෙනසුරාදා (18දා) දින යෙදී තිබීමත් පොහොයට පසුදින නිවාඩු දිනය (19දා) ඉරිදා දිනයක් වීමත් හේතුවෙන් මැයි 20 වැනිදා සඳුදා දින රජයේ නිවාඩු දිනයක් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත තීරණය කර තිබේ.

ජාතික වෙසක් උත්සවය සමගාමීව සියලුම බෞද්ධ විහාරස්ථාන ඇතුළු රට පුරා පැවැත්වෙන වෙසක් උත්සව වඩාත් සාර්ථකව පවත්වාගෙන යෑමේ අවස්ථාව ලබාදීම සඳහා රජය විසින් මෙම තීරණය ගෙන ඇත.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook