Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News


විදුළි වාහන අනාගතයයි. එහෙත් මේ පරිවර්ථනය කෙනෙක් සැක කරනවාට වඩා ඉක්මනින් සිදුවේ. ඒ හේතු මොනවාද ?


මේ සඳහා තොරතුරු ලබාගත් ලින්ක් එක ලිපිය අවසානයේ අමුණා ඇත. මේ ලින්ක් එක සුප්‍රසිද්ධ, ‘ෆෝර්බ්ස් සඟරාව’ ට සම්බන්ද නොවුනා නම්, මෙහි එතරම් වැදගත් කමක් නැති වෙන්නට ඉඩ තිබිණි. ඔවුන් තේරුමක් නැතිව මේවා ප්‍රකාශ නොකරති.

කෙසේ වුවද, මේ ලිපිය අදත් ලංකාවට එතරම් තේරුමක් නැත යයි සිතමි. කැලිෆෝනියාව, නිව්යෝර්ක් වැනි ස්ථානයක වාහන කෙරේ බලපාන වර්තමාන තත්වය මෙය වේ. නමුත් මේ තත්වය අනෙක් රටවල් වලට ඒමට වැඩි කලක් ගත නොවෙනු ඇත.

අභ්‍යන්තර දහන එන්ජිමේ ආයු කාලය සමාප්ත වී ඇත. විදුළි වාහන අනාගතයයි. එහෙත් මේ පරිවර්ථනය කෙනෙක් සැක කරනවාට වඩා ඉක්මනින් සිදුවේ. ඒ හේතු මොනවාද ?

1. චීනය එසේ කියන නිසා... චීනය කියන්නේ නිෂ්පාදනයෙන් ළොව සෙලවූ රටක් නිසා.

චීනය ලෝකයේ විශාලතම වාහන නිෂ්පාදකයා වේ. මිලියන 25.8 ක් වාහන චීනය ඇතුලේද, මිලියන 17.2 ක් වාහන ඇමරිකාවේද, මිලියන 15.6ක් වාහන ඇමරිකාවේද ඔවුන් අළෙවි කර ඇත. චීන ආණ්ඩුව මේ අතර, එම චීන වාහන නිෂ්පාදන ආයතනවලට නීතියක් පනවා ඇත.

එනම් 2019 දී විකුණන වාහන ප්‍රමාණයෙන් 12%ක්, 2020 විකුණන වාහන ප්‍රමාණයෙන් 20%ක් අලුත් ශක්ති ප්‍රභේද වල වාහන විය යුතුය.

විදුළි වාහන සහ ඒවායේ බැටරි වැනි උපාංග නිෂ්පාදකයන් මේ ගැන වහා ක්‍රියාත්මකවී ඒ ගැන සොයා බලති. මීළඟ මාස 18 තුල චීනයේ විදුළි වාහන නිෂ්පාදනය බොහෝ සේ වැඩිවනු ඇත. ඇත්තටම මේ වසරේ පළමු කාර්තුවේ චීන්නු නිෂ්පාදනය කරන ලද විදුළි වාහන ප්‍රමාණය, ලෝකයේ අනෙක් රටවල් සියල්ල නිෂ්පාදනය කල විදුළි වාහන වලට වඩා වැඩිවිය.

2. බැටරි මිළ පහත යාම.

විදුළි වාහනයක ඇති උපාංග වලින් වැඩිම මිලැති උපාංගය වන්නේ එහි බැටරියයි. අද දින එහි මිළ සෑහෙන ප්‍රමාණයකින් අඩු වෙමින් යයි. 2010 වසරේ ලිතියම් අයන් බැටරියක් හරහා කිලෝ වොට් එකක් ගැනීමට ඒ බැටරියේ මිළ ඇමරිකානු ඩොලර් 1000ක් විය. 2017 වසරේ එය ඇමරිකානු ඩොලර් 200 ක් විය !!! ටෙස්ලා සභාපති එලන් මස්ක් කියන ආකාරයට අවුරුදු දෙකක් ඇතුලත ඔවුන් ඒ මිල කිලෝ වොට් එකකට ඩොලර් 100 කට අඩු කරනවා ඇත.

3. බැටරි වල ධාරිතාවය ඉහළ යාම නිසා.

ලිතියම් අයන් ධාරිතාවය වසරකට 5-8% ප්‍රමාණයකින් ඉහළ යන්නේය. වාහන ලෝකයේ දැවැන්තයෙක් වන මර්සිඩීස් බෙන්ස් ආයතනය කියන ආකාරයට 2019 වසරේ එළි දක්වන ලද ඔවුන්ගේ සම්පූර්ණ විදුළි රථය වන EQC , එක් ආරෝපණයකින් කිලෝ මීටර් 500ක් ධාවනය වනු ඇත.

ඒ අතර 2020 එළි දැක්වෙන ‘ටෙස්ලා රෝඩ්ස්ටාර්’ වාහනය කිලෝ මීටර් 1000 ක දුරක් එක් ආරෝපණයකින් ධාවනය වනු ඇත. මෙවිට වන්නේ, විදුළි වාහනවලට සාපේක්ෂව අභ්‍යන්තර දහන එන්ජින් වල එතරම් දුරක් යෑමට නොහැකි වීමය.

බොහෝ අය සිතා ගෙන සිටින්නේ, වාහනයකට අවශ්‍ය බැටරියේ ධාරිතාවය අඩු වූ පසු එය ප්‍රතිචක්‍රීකරණය කල යුතුය යන්නය. එය එසේම නොවේ. බැටරියේ මුළු ධාරිතාවය ශුන්‍ය වීමට පෙර එය, ‘නිවාස ආලෝකකරණය' මෙන් වූ වෙනත් අවශ්‍යතා සඳහා භාවිතා කල හැක.

සටහන 1:- ලංකාවේ මෙන් නොව, ඇමරිකාව කැනඩාව වැනි රටවල් වල වාහන වලින් මිනිසුන් දුර ගමන් යාම ඉතා වැඩිය.

සටහන 2:- Solid-state බැටරි වාහන වලට එකතු වෙනු ඇත. ඒවා ඉතා ඉක්මනින් ආරෝපණය කරගත හැකි වෙනවා පමණක් නොව, එක් ආරෝපණයකින් යා හැකි දුරද වැඩිවනවා ඇත. ඒවා තව දුරටත් පර්යේෂණ මට්ටමේ නැත. Fisker වාහනය ගැන ගූගල් කර බැලීම වටී. මිනිත්තුවකින් ඒ වාහනය ආරෝපණය කර ගැනීම ඔවුන්ගේ ඉලක්කය වේ. මේ වන තෙක් ඒ සඳහා පරීක්‍ෂණ කර ලැබුණු නිරීක්‍ෂණයන් ආකර්ශණීය වේ.

තවත් අවුරුද්දකින් ස්මාර්ට් දුරකථන වල මේ ආරෝපණ ක්‍රමය භාවිතා වනු ඇත. සැම්සුන් මොබයිල මේ තාක්ෂණයේ පෙරමුණ ගන්නවා මෙන් පෙනේ. මේවායේ කොබෝල්ට් නම් වටිනා ලෝහය නොමැති හෙයින් බැටරි, ඒ ආකාරයේ බැටරි වඩ වඩා ලාභ වනු ඇත. දෙවන අනිවාර්ය පියවර මේ තාක්ෂනය විදුළි වාහන වලට පැමිණීම වේ.

සටහන 3 :- විදුළි වාහන වලින් ඈත් වී සිටි, වාහන දැවැන්තයා වන ටොයෝටා සමාගම, 2022 වසරේ සිට මහා පරිමාණයෙන් විදුළි වාහන වලට අවතීර්ණ වීම, අභ්‍යන්තර දහන එන්ජිම යන මිනී පෙට්ටියට අවසාන ඇණය වදින තීරණාත්මක අවස්ථාවක් වනු ඇත.

4. විදුළි වාහන බැටරි වල ඇති දීර්ඝ ආයු කාලය.

බොහෝ අය සිතන්නේ, විදුළි වාහනවල බැටරි වලට දීර්ඝ කාලයක් නැති බවය. එහෙත් ටෙස්ලා මොඩල් S/X යන රථ සම්බන්දව, මේ දමා ඇති වගු බලන්න. කිලෝ මීටර් 270,000 ක් ධාවනයෙන් පසුව වුවද, බැටරියේ ධාරිතාවය තවත් 91%ක් පවතී. එනම් දළ වශයෙන් සෑම කිලෝ මීටර් 30,000 කටම බැටරි ධාරිතාවය 1% කින් අඩුවේ. කෙසේ වුවද මේ නිරීක්ෂණ ටෙස්ලා වාහන සඳහාය. අනෙක් වාහන වල ධාරිතාවය අඩු නම්, ඒ ගැන ඔවුන් ක්‍රියාත්මක වනු ඇත.

එසේ නොවුනහොත් ඔවුන්ට වෙළඳ ලෝකයේ ස්ථානයක් නැති වන බව ඔවුන් දනිති.

5. විදුළි වාහනයන් වඩාත් ස්ථාවර එනම් නොකැඩෙන සුළු ස්වභාවයක් මෙන්ම, ඉතා අඩු නඩත්තු මිළක් පමණක් දැරිය යුතුව ඇත.

මෙන්න මේ කාරණය තරමක් විස්තර ඇතිව කීම වැදගත් වේ. අභ්‍යන්තර දහන එන්ජිමක් ඇති වාහනයක කරකැවෙන හෙළවෙන කොටස් 2000 ක් ඇති අතර, විදුළි වාහනයක ඇත්තේ කොටස් 20ක් පමණ ප්‍රමාණයකි. එයම කෙනෙක්ට විදුළි වාහනයක් ගන්නට හේතුවක් වනු ඇත.

මේ පහත ගණනය සඳහා රැගෙන ඇත්තේ අන්තර් ජාතික මුදල් ඒකකයක් වන ඩොලරය පාදක කර වේ. එහි 4 වන නඩත්තුව බලන්න. එය පමණක් විදුළි වාහනයකට අදාළය.

සටහන 4 :- ලංකාවේ මේ ගණන් මීට වඩා වැඩි වන්නට ඉඩ ඇත්තේ , වාහන සහ උපාංග සඳහා බදු මුදල් වැඩි හෙයිණි.

ඔක්සිජන් සෙන්සරය මාරු කිරීම -249 $
කැටලිටික් කන්වර්ටරය මාරු කිරීම -1153 $
ඉග්නිෂන් කොයිල් එක සහ ස්පාර්ක් ප්ලග් මාරු කිරීම - 390 $
ෆුවෙල් කැප් එක මාරු කිරීම 15 $
තර්මෝස්ටැට් එක මාරු කිරීම 210 $
MAF , මාස් එයාර් ෆලෝ සෙන්සරය මාරු කිරීම 382 $
ස්පාර්ක් ප්ලග් වයර්, සහ ස්පාර්ක් ප්ලග් මාරු කිරීම 331 $

මේ ඇත්තේ සාමාන්‍යයෙන් ඇමරිකාවේ වැඩියෙන්ම නඩත්තු කෙරෙන මාතෘකා කීපයකි. මෙහි ඇති කැටලිටික් කන්වර්ටරය මොහොතකට අමතක කරමු. මක්නිසාදයත්, ලංකාවේ ඇමරිකාවේ තරම්, පරිසර නීති තද නැති හෙයිණි. කිසියම් හේතුවක් නිසා එන්ජිමේ නඩත්තුවක් පැමිණියහොත්, එසේ නැත්නම් සාමාන්‍ය තෙල් මාරු ගැන මෙහි කියා නැත.

ඒ වියදම් විදුළි වාහනයකට අනවශ්‍යය.

සටහන 5 :- නිසාන් ලීෆ් වාහනයක් කිලෝ මීටර් 20,000 ක් පමණ ධාවනයෙන් පසු [... විදුළි වාහනවල නඩත්තු නැත යන අදහස, එකල සිතට ගන්නට නොහැකි වූ නිසා ...] යම් නඩත්තුවක් කල යුතු යයි සිතුවෙමි. බ්රේක් ඔයිල් වල පැහැය තරමක් දුර්වර්ණ වී තිබුණු නිසා, ඒවා ඉවත් කර නැවත දැමිය යුතු යයි සිතුවෙමි. ජපානයේ නිසාන් කොම්පැණියෙන් ලැබුණු බ්රේක් ඔයිල්ද ඒ ආකාරයේම පැහැයක් තිබිණ.

ඒවා ගෙන ආ නිසා දැම්මා මිසෙක, බ්රේක් ඔයිල් මාරු කරන්නට කිසිම හේතුවක් තිබුනේ නැත.

6. ඉන්ධන ලාභ වීම.
ඔබ ජීවත් වන්නේ තෙල් ළිඳක් අසළ නොවේ නම්, පැහැදිළිවම විදුලි වාහනයට යන ඉන්ධන හෙවත් ‘විදුළිය’ , ෆොසිල ඉන්ධන වලට වඩා මිළ අඩු වේ. පසුගිය මාස 12 ඇතුලත නැවතත් පෙට්‍රල් මිළ වැඩිවී ඇත.

සටහන 6:- කෙනෙක් සමහරවිට මෙසේ කියන්නට ඉඩ ඇත. … “අප විදුළි වාහනයක් ආරෝපණය කලද, එය ආරෝපණය කරන්නේ පාරේ විදුළිය මගිනි”... !

මේ ලිපිය ලංකාවට සම්බන්ද වන ආකාරය අප සොයා බැලිය යුතුය.

ලංකාවේ විදුළි වාහන භාවිතා කරන බොහෝ අයට සූර්ය පැනල සවි කර ඇති පද්ධති ඇත. එසේ හෙයින් ඔවුන් පාරේ විදුළියෙන් හෙවත් ග්‍රිඩ් එකෙන් වාහනය ආරෝපණය කර ගන්නේ නැත. අනෙක් දේ වන්නේ ලංකාවට ආවේණික බල පද්ධති සැපයුම සලකා ආරෝපණය කල විට මේ විදුළි වාහන ආරෝපණය රටට බරක් වන්නේ වත්, සාක්කුවට බරක් වන්නේත් නැත.

එනම් නොරොච්චෝලේ බලාගාරයේ අතිරික්තය ඇති මධ්‍යම රාත්‍රී කාලයේ වාහනය ආරෝපණය කිරීමෙනි. මහා රෑ නැගිට එය කලයුතු නැත. ඒවාට මෘධුකාංග තිබේ.

7. දෙවන විකිණීමේදී වාහනයේ මිළ.

ලංකාවේ නම් මේ රී-සේල් අගය විදුළි වාහන වල අඩු බව යථාර්තයකි. එහෙත් එය වෙනස් වන ලකුණු පෙනේ. ඒවා විදුළි වාහන මොඩල වැඩි වීම, අළුතෙන්ම විදුලි වාහනයක මිළ පහත වැටීම, විදුළි වාහනයකින් යා හැකි දුර වැඩිවීම සහ සමහර අවස්ථාවල් වලදී එයින් යා හැකි දුර පෙට්‍රල් වාහන වලට වඩා වැඩිවීම, විශේෂයෙන් විදුළි වාහන වල ටයර් සහ බ්රේක් පමණක් මාරු කිරීමට වීම. මේ අතර ෆොසිල ඉන්ධන වාහන වල ‘රී-සේල්’ මිළ අඩුවනු ඇත.

සටහන 7:- ලංකාවේ, මීට අවුරුද්දකට පමණ පෙර හයිබ්‍රිඩ් වාහන වලට තිබි ‘රී-සේල් මිළ අද දින අඩු ය.

සටහන 8:- [Regenerative brake] රීජනරේටිව් බ්රේක් හෙවත් පුනර්ජනනීය තිරිංග ඇති වාහනයක මේ බ්රේක් ගෙවීම අවමයක් වේ. එනම් වාහනය නවත්වන විට බ්රේක් ඇල්ලීමට වඩා වාහනයේ ඇති මෝටරයෙන් ප්‍රතිරෝධයක්, නැවතෙන වාහනයට යෙදේ. එවිට බ්රේක් නොමැතිව වාහනයේ වේගය අඩු වීම හෝ නැවතීම වනවා පමණක් නොව, ඒ මෝටරය එම අවස්ථාවේ ජෙනරේටරයක් මෙන් ක්‍රියා කර වාහනයේ බැටරියද ආරෝපණය වේ.

නුදුරු අනාගතයේ ෆොසිල එන්ජින් සවි කර ඇති වාහනවල රී-සේල් මිළ හෙවත් වාහන නැවත විකිනෙණ මිළ අඩුවෙන බවත් විදුළි වාහන වල රී-සේල් මිළ ඒ ප්‍රමාණයෙන් අඩු වන්නේ නැති බවත් ඇමරිකාවේ කියැවේ. එය ලංකාවේ සිදුවීමට නම් කාලයක් ගතවනු ඇත. ඊයේ පෙරේදා ඩොලරයට සාපේක්ෂව ලංකා රුපියලේ මිළ අඩුවීම වාහන වල මිළ ඉහළ යන්නට තවත් හේතුවක් වනු ඇත.

අවාසනාවට මෙවැනි දෙයින් නම් කොහෙත්ම බේරෙන්නට ශ්‍රී ලාංකිකයන්ට නොහැක.

කෙසේ වුවත් අන්තර්ජාතික වෙනස්වීම් වලට මුහුණ දෙන්නට ලංකාවේ සිටින අපටත් සිදු වනු ඇත.

ලලිත් කරුණාරත්න
උපුටා ගැනීමකි

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook