Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News


යාපනයේ පැවති රාජ්‍ය උත්සවයකදී සිදු කළ එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ගොඩනැගිය යුතු බව යන මතභේදාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් අද (08දා) පෙරවරුවේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් ඇප නියම කර තිබෙනවා. මෙසේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය මගින් ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණී අවස්ථාවේදී වන අතර  අනතුරුව ඇයව රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත  මුදා හැරීමට නියෝග කර තිබෙනවා. ඒ අනුව නඩුව 12 වැනි මස 07 වැනිදා නැවත කැඳවීට නියමිත බව වාර්තා වෙනවා.

එසේම නීතිපතිවරයා සඳහන් කරන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ ඇයට චෝදනා ගොනු කර තිබෙන බවත් ඉදිරියේදී අභියාචනාධිකරණයේ තවත් නඩුවක් ගොනු කරනා බවද සඳහන් කර තිබෙනවා.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook