Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News


සියඹලාණ්ඩුව ‍පොලීසිය මගින් ඊයේ (21දා) ජයලත් සුද්දාගේ ගෝලයකු ඇතුළු පස්දෙනකු කොන්ත්‍රාත්තුවක් මත ප්‍රවාහනය කර තිබූ ජීව පතරොම් 2990 ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.මොවූන් සියල්ලන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන කොස්ගොඩ සුජීගේ ගෝලයන් පිරිසකි. මෙලෙස මොවූන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පතරොම් තොගය සියඹලාණ්ඩුව ප්‍රදේශයේ සිට ගාල්ල ප්‍රදේශයට රැගෙන යමින් සිටියදීය. ජයලත් සුද්දා යන අය දැනට ගාල්ල බන්ධනාගාර ගතව සිටින අතර ඔහුගේ ගෝලයකු විසිනුයි මෙකි පතොරම් තොගය රැගෙන ගොස් ඇත්තේ.

එසේම සැකකරු වැල්ලවාය දෙසට වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී ගමන් මල්‍ලේ තිබී ටී 56 අවි සඳහා භාවිත කරන පතරොම් 2958 ක් හා පිස්තෝල අවි සඳහා භාවිත කරන 9mm වර්ගයේ පතරොම් 32 ක් හමුවූ බවත් ‍පොලීසිය පැවැසීය.
 ‍

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook