Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News



මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් එළඹෙන නොවැම්බර් මස 05 වනදා අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අයවැය ලේඛනයෙන් රාජ්‍ය සේවකයින්ට වැටුප් වර්ධකයක් හිමිවන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා. එම ආරංචි මාර්ග සඳහන් කරන පරිදි රුපියල් 1000 ත් 1500ත් අතර වැටුප් වර්ධකයක් හිමිවනු ඇති බවත් වැටුප් වර්ධකයට සමගාමීව විශ්‍රාම වැටුප් අනුපාතද සංශෝධනය කරනු ඇති බවත්ද සඳහන් වෙන්වා. වැටුප් වර්ධකයන්ට අමතරව ඉදිකිරීම් අංශය, හෝටල් ක්ෂේත්‍රය හා කෘෂි අංශය සඳහා පැනවී ඇති අධික බදුබරට සහනයක් ගෙන දෙමින් නව බදු අනුපාත නියම කෙරෙනු ඇති බවද වැඩිදුරටත් සඳහන් වාර්තා වෙනවා. පවත්නා පීඩාකාරී ආර්ථික තත්ත්වයට සහනයක් ලෙස මෙලෙස වැටුප් වර්ධකයක් ලබා දීමට රජය තීරණය කර ඇති බවයි  ආරංචි මාර්ග සඳහන් කරන්නේ.



තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook