Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News


සුගියදා මුහුණු පොතේ කා අතරත් හුවමාරු වුනු ලස්සන කතාවක් අපට දැකගන්නට ලැබුනා. ඒ කුඩා දැරියක් විසින් අසරණයින්ට පිහිට වු ආකාරයක් ගැනයි. මෙම සිදුවම විස්තර කර තිබුනේ මෙලෙසය.

"ගිය සතියෙ දවසක මොනරාගල Cargills food City එකේදි දැකපු දෙයක්. බඩු තෝරන්න එහාට මෙහාට දුවන පුංචි දරුවෙක් හැමෝම දකින්න ඇති. ´´මාමෙ පොඩ්ඩක් අයින් වෙන්නකො`` මට අයිස් ගන්න තියෙනව කියල ඒ කෙල්ල මාවත් ටිකක් එහාට කරා අවුරුදු 10ක් වත් නැති උනාට ගොඩක් පණ්ඩිත කෙල්ලෙක්. තාත්තේ මේක හොදයිද,මේක රහයි ද,ගිය සතියෙත් මේක ගත්තනේ,අම්ම එලවලු සේරම ගත්තද,තව ගන්නකො ඇතුලෙ තනිකරම ඇහුනෙ කෙල්ලෙගේ කටහඩ විතරයි. මේ වගේ තැනකදි ළමයෙක් මෙහෙම ළමයෙක් හැසිරෙන එක සාමාන්‍ය දෙයක් නිසාද කොහෙද කාගෙවත් වැඩි අවදානයක් කෙල්ලට වැටුන් නෑ.

බඩු තොගයක් එක්ක කැෂියර් එක ළගට ගිය දරුවගේ තාත්තා රුපියල් 19500ක බිල් එක ගෙවල හිනා වෙලා එතනින් එළියට යද්දි පුංචි දුව කිව්ව ´´ තාත්තේ කට්ටිය ඇවිත් කියල´´
මාත් ඒ එක්කම එළියට බැස්සෙ වෙන්නෙ මොකක්ද කියල බලා ගන්න

Food city එක ඉස්සරහ ඉරුණු ඇදුම් ටිකක් ඇදප දෙමළ ළමයි ටිකකුයි ගෑනු අය ටිකකුයි හිටිය
අර පුංචි කෙල්ල දුවගෙන ගිහින් අතේ තිබුන සේරම අයිස්ක්‍රීම්,චොකලට් අර පුංචි ළමයි ටිකගෙ අතර දුන්න. මේක මගේ අයියට,මේක නංගිට,මේ ටික ගෙදර අරන් ගිහින් කන්න,මේක ගොඩක් රසයි ටික ටික කන්න කෙල්ලගෙ කටින් වචන ගොඩයි එතන. අනිත් බඩු සේරමත් අර ගෑණු අයගේ අතට දීල ඒ පොඩි කෙල්ල පාරෙ දණ ගාල ඒ මිනිස්සුන්ට වැදල හිස් අතින්ම අලුත්ම CHR රථයකින් යන්න ගියේ අපේ ඇස් වලට කදුලු ගලද්දි.

මනුස්සකම තාමත් ජීවමානයි. මනුස්සකමට භාෂාවක් තියෙනවද,අර කෙල්ල කියපු සිංහල වචන ටික අර ළමයිට තේරුනේ නැතුව ඇති.හැබැයි වචන වල තියෙන ආදරේ සහෝදර කම තේරුම් ගන්න භාෂාවක් අවශ්‍ය නැතුව ඇති.තමන්ගේ දෙමාපියන් ට වත් වදින් නැති ළමයි ඉන්න රටක මේ වගේ ළමයි හදපු දෙමාපියෝ රත්තරන්. ලක්ෂ ගණන් වියදම් කරල ලමයි එක්ක පාටි දාන සල්ලි වලින් මේ වගේ දෙයක් කරන්න හිතුව නම් ගුණගරුක ලස්සන ලමයෙක් එක්කම මේ රටත් ගොඩක් ලස්සන වේවි. "

සංජය

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook