Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය ආරක්ෂාව දැඩි කරන ලෙසට ඉල්ලීමක් කළහොත් ඒ පිළිබඳ රජය විසින් සලකා බැලීමට සූදානම් බව පවසන අතර නිතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසන්නේ දැනටමත් හිටපු ආරක්ෂක ලේකම්වරයාට පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් ඇතුළු  70කට ආසන්න ආරක්ෂක බලඇණියක් ලබා දී ඇති බවයි.

එහිදී වැඩි දුරටත් සඳහන් කෙරුණේ  "දැනට මා දැනුවත්ව නම් විශේෂ ආරක්ෂාවක් එතුමා ඉල්ලලා නෑ. දැනට එතුමාට S.T.F 42ක්, යුද හමුදාවෙන් සෙබලුන් 28ක් (නිලධාරීන් 05 දෙනෙකු සමග සහ විශේෂ බලකායේ සෙබලුන් කිහිපදෙනෙක් සහිතව) ලබා දීලා තියෙනවා ආරක්ෂාවට, මම දන්නේ නෑ ඊට වඩා ප්‍රමාණයක් එතුමාට ඕනෙද කියලා. එතුමා ඉල්ලීමක් කළොත් සළකා බලන්න පුඵවන්. බට කණ්ඩායම් සඳහා රථ පවා රජයෙන් ලබා දීලා තියෙනවා" යනුවෙනි.

ඉකුත් දා පැවැති මාධ්‍ය හමුවකදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථයක් ලබා දිය යුතු බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කළ අතර ජනාධිපතිවරයාට සේම හිටපු ආරක්ෂක ලේකම්වරයාටද ආරක්ෂාව ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කවින්ද ජයවර්ධන ද කියා සිටියේය.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook