Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

ද සමාජයේ අපිට හුඟක්ම දකින්නට, ඇසෙන්නට ලැබෙන්නේ හරිම පුදුම දේවල්. ඒ වගේ පුදුම හිතෙන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එනම් පුංචි දරුවෝ දෙදෙනෙක් අතිනත ගැනීමේ සිද්ධියක් නිසාවෙනි.

මේ අපූරු විවාහ උත්සවය සිද්ධවෙලා තියෙන්නේ ඊජිප්තුවේ වන අතර මේ විවාහ උත්සවය ගැන මේ වෙද්දි ලොව පුරා එක එක කතා මැවෙන්නට පටන් අරන්.

අවුරුදු 12 ක් වයසැති ඕමාර් නම් කුඩා දරුවෙකුට විවාහ වෙන්න කියලා බලකරලා තියෙන්නේ එයාගේ පවුලේ අය විසින් කියලයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ඕමාර්ගේ වැඩිමහල් සහෝදරයාගේ විවාහ උත්සවය දවසේම තමයි මේ අවුරුදු 12 මනාලයාගේ විවාහ උත්සවය සිදු කරලා තියෙන්නේ. වැඩිමහල් සහෝදරයාගේ මංගල උත්සවයේ සතුට දෙගුණ තෙගුණ කරන්න කියලා හිතාගෙන තමන්ගේ මල්ලිවත් පුංචි දැරියකට විවාහ කරලා දීලා තියෙන්නේ තාත්තගේ අවසරයත් ඇතුවය . පුංචි මනාලියට අවුරුදු 11ක් වන අතර ඇය ඕමාර්ගේ ඥාතිවෙන දැරියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊජිප්තු රටේ නීතියට අනුව වයස අවුරුදු 18 ට අඩු අය විවාහ කරදීම වරදක් නිසා මේ කතාව දැන් රට පුරාම පැතිරිලා තියෙන්නේ. කොහොම වුණත් ඕමාර්ගේ පියාගෙන් ඒ ගැන ඇහුවාම කියලා තියෙන්නේ "කවුරුත් මේකට කලබල වෙන්න ඕනේ නෑ.. මේ දෙන්නා විවාහ ගිවිස ගත්තා විතරයි මඟුල් කාලා ගෙදර කැන්දන් ගියේ නැති බවයි".‍ කෙසේනමුත් මේ වගේ පුංචි වයසක දෙදෙනෙක් විවාහ කරදීම ගැනනම් හුඟක් අය ඉන්නේ අප්‍රසාදයෙන් බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරන්නේ.




තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook